පක්ෂි රංචුවක් නිසා ගුවන් යානයක් හදිසියේ ගොඩබස්සයි..

By Sithumi Mar 06, 2023 03:12 PM GMT
Report

කියුබාවේ සිට ෆ්ලොරීඩා හි Fort Lauderdale දක්වා පියාසර කරමින් තිබු ගුවන් යානයක් හදිසියේ ගොඩබස්වා තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, හවානා හි සිට ගුවන්ගත වී විනාඩි කිහිපයකට පසුව එම ගුවන් යානයේ පක්ෂීන් රංචුවක් ගැටීමත් සමග එහි එන්ජිමට හානි සිදුව ඇති බවයි.

අනතුරුව ගුවන් යානය ඇතුළත දුමෙන් පිරී ගොස් ඇති අතර ගුවන් මගීන් නොසන්සුන්කාරී ලෙස ද හැසිරී තිබෙනවා. කෙසේවෙතත් යානය ආරක්ෂිතව හවානා වෙත නැවත ගොඩබැස්වීමට නියමුවා සමත්ව ඇති බවයි වාර්තා වන්නේ.

අනතුර සිදුවන අවස්ථාවේ බෝයිං 737 වර්ගයේ අදාළ යානයේ මගීන් 147 දෙනෙකු සහ කාර්ය මණ්ඩල සාමාජිකයින් 6 දෙනෙකු සිට ඇති නමුත් ඔවුන් කිසිවෙකුටත් තුවාල සිදුව නොමැති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join Now