අත්අඩංගුවට ගත් වැලිගම ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති යළි රිමාන්ඩ්
දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් අල්ලස් කොමිසම මඟින් අත්අඩංගුවට ගත් වැලිගම ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති එළඹෙන 2 දක්වා නැවත රක්ෂිත බන්ධනාගාරගත කරන මෙන් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා අද(19) දින නියෝග කර තිබෙනවා.
එම සිද්ධියට අඳාළ සැකකරු බන්ධනාගාර නිලධාරින් විසින් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව මෙසේ එම නියෝග කර ඇත.
වැලිගම ප්‍රදේශිය සභාවේ හිටපු සභාපති දයා පුෂ්ප කුමාර හේවා බැට්ටගේ වන අඳාළ සැකකරු පසුගිය 8 වන දින අල්ලස් දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගෙන තිබුණා.