මහින්ද ඇතුළු හිටපු ජනපතිවරු හදිසියේ කොළඹදී රැස්වීමට සැරසෙයි
හිටපු ජනාධිපතිවරුන් සිව්දෙනෙකු ලබන සඳුදා සාකච්ඡාවකට සහභාගී වීම සඳහා එකතු වීමට සැලසුම් කර තිබේ.
ඔවුන් එදින පස්වරුවේ කොළඹදී මුණගැසීමට නියමිත බව වාර්තා වී ඇත.
ඒ අනුව, හිටපු ජනාධිපතිවරුන් වන චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, මහින්ද රාජපක්ෂ, මෛත්‍රීපාල සිරිසේන සහ රනිල් වික්‍රමසිංහ යන මහත්වරු එම හමුවීමට සහභාගී වීමට සැලසුම් කර ඇත.
අමෙරිකාව විසින් ශ්‍රී ලංකාවට පනවා ඇති සියයට 44ක තීරු බද්ද සම්බන්ධයෙන් සහ එයට ප්‍රතිචාර වශයෙන් ගත හැකි පියවරයන් පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා ඔවුන් මෙලෙස රැස්වීමට නියමිත බව තවදුරටත් වාර්තා වී ඇත.