හිටපු ජනපති රනිල් අද ඉන්දියාවට

By Gagana News Feb 27, 2025 03:15 AM GMT
Report

මෙරට මානව හිමිකම් කඩවීම සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා ඉදිරියට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබද මහ කොමසාරිස් කාර්යාලයේ සහාය ලබාගැනීමට අවශ්‍ය නොමැති බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

ඒ කොළඹ පැවැති තරුණ හමුවකට එක්වෙමින්.

මේ අතර, සුවිශේෂි ගෝලීය සිදුවීම් සම්බන්ධයෙන් වන දෙසුමකට සහභාගී වීම සදහා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද ඉන්දියාවේ නවදිල්ලි නුවර බලා පිටත්ව යාමට නියමිතයි.

නවදිල්ලි නුවර, භරත මණ්ඩපයේදී හෙට හිටපු ජනාධිපතිවරයා සිය දේශනය සිදු කරන අතර ඊට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි, කැනඩාවේ හිටපු අග්‍රාමාත්‍ය ස්ටීවන් හාෆර් සහ ඔස්ට්‍රේලියාවේ හිටපු අග්‍රාමාත්‍ය ටෝනි ඇබට් ද එක්වනු ඇති.  

යුරෝපා කොමිසමේ සභාපති හෙට ඉන්දියාවට‍‍

යුරෝපා කොමිසමේ සභාපති හෙට ඉන්දියාවට‍‍

අද දවස ඔබට කොහොමද?

අද දවස ඔබට කොහොමද?