හිටපු ජනාධිපති අධ්‍යක්ෂ ජනරාල්ගේ පෞද්ගලික ලේකම් ඇතුළු 3ක් අත්අඩංගුවට

Report

බදුල්ල හා මොනරාගල දිස්ත්‍රික්කවලට මායිම් වූ හල්දුම්මුල්ල බෝගහපැලැස්ස රක්ෂිතයේ විශාල ඉඩම් ප්‍රමාණයක් දේශපාලන බලය යොදාගනිමින් අනවසරයෙන් අල්ලා ගැනීම පිළිබඳ කළ විමර්ශනයක් මත හිටපු ජනාධිපති අධ්‍යක්ෂ ජනරාල්වරයෙක්ගේ සමීපතමයන් තිදෙනෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

EPF ගැන ළඟදිම සුබ ආරංචියක්

EPF ගැන ළඟදිම සුබ ආරංචියක්

ඒ අනුව අඳාළ ඉඩම දේශපාලන බලය යොදා අල්ලා ගෙන භුක්ති විඳීම සිදුව තිබෙනවා.

එසේම මෙයට හිටපු ජනාධිපති අධ්‍යක්ෂ ජනරාල්වරයෙක් ද සම්බන්ධ බවට තොරතුරු අනාවරණය වී ඇති බව පවසයි.

සම්මානයක් 85000 යි, ටීචර් අම්මා නිසා මුතුගල ඇතුළු ගොඩක් අයගේ නම් සම්මාන උළලෙන් කැපේ

සම්මානයක් 85000 යි, ටීචර් අම්මා නිසා මුතුගල ඇතුළු ගොඩක් අයගේ නම් සම්මාන උළලෙන් කැපේ

මේ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් සිදු කළ පරීක්ෂණයකට අනුව ඔවුන්ව මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ එහි ප්‍රධාන සැකකරුවන් ලෙස බව සඳහන්. මෙම අත්අඩංගුවට ගත් පිරිස අතර කාන්තාවක් ද සිටී.

එසේම එහි සිටින එක් අයෙක් අදාළ අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ පෞද්ගලික ලේකම් වශයෙන් කටයුතු කර ඇති යෙක් බව ද වාර්තා වේ.

පුද්ගලයන් 18 කට තුවාල කරමින් ගුවන් යානයක් හදිසියේ ගිනිගයි

පුද්ගලයන් 18 කට තුවාල කරමින් ගුවන් යානයක් හදිසියේ ගිනිගයි