හිටපු සෞඛ්‍ය ලේකම් චන්ද්‍රගුප්තගේ ගුප්ත වැඩ

Ministry of Health Sri Lanka Law and Order Latest Headlines Sinhala news
By Hashini Jun 26, 2025 03:08 PM GMT
Hashini

Hashini

Report

අයථා ලෙස වත්කම් රැස්කිරීම සම්බන්ධයෙන් ප්‍රකාශයක් ගැනීමට අද (26) අල්ලස් කොමිසමට කැඳවා තිබූ සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත ප්‍රකාශ ලබාගැනීමෙන් පසු අත්අඩංගුවට ගනු ලැබීය.

සැකකරු අධිකරණයට ඉදිරිපත් කළ අල්ලස් කොමිසම පැවසුවේ, අයථා ලෙස වත්කම් රැස්කිරීමේ සිද්ධියකට අදාළව දූෂණ විරෝධී පනත යටතේ ඔහු අත්අඩංගුවට ගත් බවය.

මෙහිදී විමර්ශන නිලධාරින් කියා සිටියේ සැකකරු පානදුර, පිංවත්ත ප්‍රදේශයේ විහාරස්ථානයක පිළිම වහන්සේ නමක් නිර්මාණය කිරීම සඳහා තම බිරිඳගේ නමින් පවතින ගිණුමකට රැස්කළ මුදලින් ලක්ෂ 350කට ආසන්න මුදලක් සැකකරු අයථා ලෙස පරිහරණය කර ඇති බවයි.

අපේ ජාතිය කොන්දක් ඇති ජාතියක්, අපි කවදාවත් යටත් වෙන්නේ නැහැ කමේනි ජනතාව අමතයි

අපේ ජාතිය කොන්දක් ඇති ජාතියක්, අපි කවදාවත් යටත් වෙන්නේ නැහැ කමේනි ජනතාව අමතයි

අධිකරණයේදී අනාවරණ වී ඇත්තේ පිළිම වහන්සේ නිර්මාණය සඳහා මුදල් රැස්කරන බවට වූ දිවුරුම් ප්‍රකාශය ලබාගෙන ඇත්තේ එම විහාරස්ථානයේ රෝගීව සිටී හිමිනමකගෙන් බවත්, උන්වහන්සේ එම අත්සන යොදාඇත්තේ, එය කියවා බැලීමකින් තොරව බවත්ය.

මෙහිදී සැකකාර ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත වෙනුවෙන් පෙනී සිටි නීතිඥ නුවන් ජයවර්ධන කියා සිටියේ, තම සේවා දායකයාට සේවා කාලය තුළ වාහන බලපත්‍ර හතරක් පමණ ලැබී ඇති අතර ඒවා විකිණීමෙන් මුදල් උපයාගෙන ඇති බවය.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි මහත්මිය සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත ජුලි 08 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළේය. 

ලුණු සඳහා උපරිම සිල්ලර මිලක්

ලුණු සඳහා උපරිම සිල්ලර මිලක්

ReeCha