ආයේ සුබ වෙන්නැති සරසවි හීනේ, නවක වදය කියලා මුන් මොනවද මේ කරන්නේ? කැම්පස් නම් ඕනෙම නෑ[VIDEO]
නිදහස් අධ්‍යාපනය ගැන උදම් ඇනූ සරසවි සිහිනය තවදුරටත් තාරුණ්‍යයට සුබ සිහිනයක් නොවන ලෙසටම වැන සෙන්නට පටන් අරන් ඇති විත්තිය මීට පෙර සිදු වූ බොහෝ සිදුවීම්වලින් අපිට අනාවරණය වුණා.
නවක වදය නමින් විශ්වවිද්‍යාල අධ්‍යාපනය තුළ සිදුවෙන අපරාධ නිසා දිනෙන් දින ජීවිතය හැරයන තරුණ සිසු දරුවන් ගණන වැඩි වූවා මිස අඩු වූයේ නැත.
මෑතකම සිදු වූ හද කම්පා කරවන සිදුවීම වූ චරිත් දිල්ශාන් නැමති සබරගමු සරසවි සිසුවාගේ මරණය නවකවදය නිසා වූ බවට හෙළි වී තවම වැඩි දවසක් ගත වී නොමැත.
එවන් පසුබිමක තවත් නවකවදය ලබා දෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය කළඹමින් මේ වන විටත් සංසරණය වෙමින් පවතී.
මෙසේ අධ්‍යාපනයට යටින් අපරාධ සිදු කරන්නන් දිනෙන් දින වැඩිවන්නේ කුමන පද්ධතියේ පවතින වරදකින් දැයි කිසිවෙකුටත් අවබෝධයක් නැත.
නැතහොත් වැරැද්ද ඇති තැන දුටුවත් එය නිවැරදි කරන්නට කොන්දක් කාටවත් නැත.
එහෙත් තවත් අවාසනාවන්ත සිදුවීමක් වූ පසුව නීතිය ක්‍රියාත්මක කිරීමට බලා සිටින ආරක්ෂක ක්රියාමාර්ගවලින්ද ඵලක් නැත.
මේ චෝදනාව සියලු විශ්වවිද්‍යාල සිසුන්ට නොකළ ද සිසුන් ලෙස වෙස් ගත් අපරාධකරුවන් නිසා සමස්ථ විශ්වවිද්‍යාල පද්ධතියටම හානියක් වී ඇත.
එබැවින් විශ්වවිද්‍යාල සිසුවෙක් ලෙස බුද්ධිමත්ව ක්‍රියා කළහොත් පමණක් ලස්සන බව කියූ සරසවි ජීවිතය තවකෙකුට විඳින්නට පුළුවන් වනු ඇත.

ඉරාන – ඇමරිකා යුද්ධෙ නිසා කාටත් කළින් කෙළ වෙන්නේ අපිට, මේ පාර ගොඩ ඒමක් නැති බවට ආර්ථික විශේඥයන්ගෙන් සහතික
