ටොෆි වර්ගයක් කා දරුවන් 25ක් රෝහලට

Report

 අවාසනාවන්ත පුවතක් පිළිබඳව ඉබ්බාගමුව ප්‍රදේශයෙන් වාර්තා වේ. ඒ අනුව ටොපි වර්ගයක් ආහාරයට ගැනීමෙන් පසු ආසාත්මික වීම හේතුවෙන් ඉබ්බාගමුව පොලගොල්ලේ ප්‍රසිද්ධ පාසලක දරුවන් 25 දෙනකු සහ වැඩිහිටියන් පස් දෙනකු පොල්ගොල්ල ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කළ බව ගොකරැල්ල මහජන සෞඛ්‍ය කාර්යාලය පවසයි. ඉන් අසාධ්‍ය තත්ත්වයේ පසු වූ දරුවන් 7 දෙනකු හා එක් වැඩිහිටියකු කුරුණෑගල ශික්‍ෂණ රෝහලට ඇතුළත් කර ඇත.

හිටපු සෞඛ්‍ය ලේකම් චන්ද්‍රගුප්තත් අත්අඩංගුවට

හිටපු සෞඛ්‍ය ලේකම් චන්ද්‍රගුප්තත් අත්අඩංගුවට

පාසල අසල පිහිටි කුඩා වෙළඳසලකින් ලබා ගත් ටොෆි වර්ගයක් ආහාරයට ගැනීමෙන් පසු මෙම තත්වය මුහුණ පා ඇත. එම පාසලේ 6 සහ 7 වසර වල දරුවන් පිරිසක් මෙම ටොපිය ආහාරයට ගැනීමෙන් හුස්ම ගැනීමේ අපහසුව, ක්ලාන්තය හා කැසීම ඇතුලූ රෝගී තත්ත්වයන්ට භාජනය වී ඇති අතර ටොපි ආහාරයට නොගෙන රෝගීන් අතපත ගෑ අයට මෙන්ම දරුවන් ඇල්ලූ අයටද එකී රෝගී තත්ත්ව ඇති වූ බවත් ඔවුහු පවසති. පොල්ගොල්ල ප්‍රාදේශීය රෝහලට එම දරුවන් ඇතුලත් කිරීමෙන් පසු ඔවුන් පරීක්‍ෂා කල වෛද්‍යවරයකුට හා සාත්තු සේවකයකුට ද එකී ආසාත්මිකතාවය ඇති වී ඇත.

ඔක්ස්ෆර්ඩ් ඉංග්‍රීසි ශබ්දකෝෂයට අලුතෙන් එකතුවෙන ලංකාවේ වචන

ඔක්ස්ෆර්ඩ් ඉංග්‍රීසි ශබ්දකෝෂයට අලුතෙන් එකතුවෙන ලංකාවේ වචන