ලුණු සඳහා උපරිම සිල්ලර මිලක්

Report

ශ්‍රී ලංකා ලුණු නිෂ්පාදකයන්ගේ සංගමය පවසන්නේ පාරිභෝගික කටයුතු පිළිබඳ සභාව සමඟ ඇති කරගත් එකඟතාවය අනුව වෙළෙඳපොළේ ලුණු මිල පහත හෙළීම සඳහා උපරිම සිල්ලර මිල සීමාවන්ට යටත්ව ලුණු නිකුත් කරන බවයි.

එම සංගමය වැඩිදුරටත් දැනුම්දෙන්නේ පසුගිය දිනවල රජය විසින් ආනයන සීමා ලිහිල් කිරීම අනුව, අවශ්‍ය තරම් ලුණු තොග ලැබී ඇති බැවින් ආනයනිත කෑමට ගන්නා ලුණු පහත සඳහන් උපරිම සිල්ලර මිල සීමාවන්ට යටත්ව වහාම නිකුත් කිරීම ආරම්භ කර ඇති බවය.

තවත් උණුසුම් සතියක් - ඇමරිකාව - ඉරානය සාකච්ඡා මැද යළි අවධානයකින්

තවත් උණුසුම් සතියක් - ඇමරිකාව - ඉරානය සාකච්ඡා මැද යළි අවධානයකින්

කැට ලුණු කිලෝග්‍රෑම් 1ක් රුපියල් 180

ලුණු කුඩු කිලෝග්‍රෑම් 1ක් රුපියල් 240

ලුණු කුඩු ග්‍රෑම් 400ක් රුපියල් 120

ශ්‍රී ලංකා ලුණු නිෂ්පාදකයන්ගේ සංගමය පවසන්නේ ඉහත මිල යටතේ ඇසුරුම් කළ ලුණු දිවයින පුරා බෙදා හරීම සඳහා දින කිහිපයක් ගතවිය හැකි අතර, ඉන් අනතුරුව දිවයින පුරා ඉහත සඳහන් මිලට ඇසුරුම් කළ ලුණු මිලදී ගැනීමේ අවස්ථාව පාරිභෝගිකයින්ට හිමිවෙන බවයි. 

කොළඹ කොටස් වෙළඳපොළෙන් නව වාර්තාවක්

කොළඹ කොටස් වෙළඳපොළෙන් නව වාර්තාවක්