මගේ රටට ගැහුවොත් බලාගමු. ලංකාවේ ඉරාන තානාධිපතිගෙන් තර්ජනයක්

Report

ඉරාන ඊශ්‍රායල යුධමය තත්ත්වය එන්න එන්නම දරුණු වූ විට ඔවුන් සටහන් විරාමය තෝරා ගනු ලැබුවේය.නමුත් ඉරානය සටන් විරාමය පිළිගත්තද, ඊශ්‍රායලය තම රටට ප්‍රහාර එල්ල කළහොත් දරුණු ලෙස ප්‍රතිචාර දක්වන බව ශ්‍රී ලංකාවේ ඉරාන තානාපති අලිරේසා දෙල්කොෂ් මහතා පවසයි.

අද (26) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවක ඒ මහතා මේ බව පැවසීය. එසේම තම රටට කුමන ප්‍රහාර එල්ල කළත්, තම න්‍යෂ්ටික තාක්ෂණික බුද්ධිය කිසිවෙකුටවත් සොරාගත නොහැකි බවද හෙතෙම සඳහන් කළේය. මේ අතර 'ඉරාන - ඊශ්‍රායල' සටන්විරාමය අතරේ ද යළි ගැටුම් ඇතිවිය හැකි බවට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මතභේදාත්මක ප්‍රකාශයක් සිදුකර තිබෙන බව විදෙස් වාර්තාවන්හි දැක්වේ.