කන්ටේනර් තදබදයට හේතුව මෙන්න
මේ දිනවල හටගෙන ඇති බහාලුම් තදබදයට හේතුව කෙටි කාලයකදී ආනයනය කෙරුණු ලුණු බහාලුම් නිෂ්කාෂනය කිරීමේදී සිදුවන ප්‍රමාදය බව අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් සීවලී අරුක්ගොඩ පවසනවා.
බහාලුම් ප්‍රවාහන රථ හිමියන්ගේ සංගමය ඊයේ ප්‍රකාශ කළේ කොළඹ වරාය තුළ යළිත් වරක් බහාලුම් තදබදයක් නිර්මාණය වී ඇති බවටයි.
කෙසේ වෙතත් අද කොළඹ දී ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් රේගු මාධ්‍ය ප්‍රකාශක අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් සීවලී අරුක්ගොඩ සඳහන් කළේ ඉදිරි දින කිහිපයේදී එම තදබදය අවසන් වනු ඇති බවයි.
මේ අතර,ලුණු නිෂ්පාදකයින්ගේ සංගමය විසින් පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරියට දැනුම් දී ඇත්තේ ලුණු කුඩු ග්‍රෑම් 400 පැකැට්ටුවක් රුපියල් 120 කටත් ලුණු කැට කිලෝ එකේ පැකැට්ටුවක් රුපියල් 180 කටත් වන පරිදි උපරිම මිලක් යටතේ අලෙවි කරන බවයි.
කෙසේ වෙතත්, එම මිල වඩා අඩුවෙන් ලුණු අලෙවි කිරීමේ හැකියාව පිළිබද මේ දිනවල අධ්‍යනය කරමින් සිටින බව එම අධිකාරියේ පාරිභෝගික සේවා සභාව සදහන් කළා.
