වැලිගම බලයට සජබයෙන් පාතාල ලොක්කෙක්

Sajith Premadasa Samagi Jana Balawegaya Sinhala news Local government election Sri Lanka 2025
By Mithu Jun 26, 2025 03:37 PM GMT
Mithu

Mithu

Report

වැලිගම ප්‍රාදේශීය සභාව වෙනුවෙන් සමගි ජන බලවේගයෙන් යෝජනා කර ඇති සභාපති අපේක්ෂකයා පාතාල ක්‍රියාකාරීන් හා සම්බන්ධතා ඇති අයකු බවට හෙළිදරව් වී තිබෙනවා.මෙම හෙළිදරව් වීමත් සමඟම සමාජය තුළ ඒ පිළිබඳව විවිධ ආකාරයේ කතාවන් නිර්මාණය විය.

මොහු නමින් ලසන්ත වික්‍රමසේකර වන අතර මිදිගම ලසා නම් අන්වර්ථ නාමයෙන් හදුන්වනු ලබන පුද්ගලයෙකු බව හෙළිදරව් වී ඇත. මොහු 2018 වර්ෂයේ පළාත් පාලන මැතිවරණය සදහා එක්සත් ජාතික පක්ෂයෙන් ඉදිරිපත් වී ඇති අතර 2025 පළාත් පාලන මැතිවරණය සදහා වැලිගම ප්‍රාදේශිය සභාව සදහා මිදිගම බටහිර කොට්ඨාසයෙන් ඉදිරිපත් වී ඇත.

ලසන්ත වික්‍රමසේකර නොහොත් මිිදිගම ලසා නැමැති මෙම පුද්ගලයා සංවිධානාත්මක අපරාදකරුවෙකු වන නදුන් චින්තක නොහොත් හරක් කටා නැමැති අපරාද කරු සමග සමීප සම්බන්දතා පවත්වන පුද්ගලයෙකු බවට විශ්වාස කටයුතු ආරංචි මාර්ග පවසන අතර හරක් කටා නැමැති සංවිධානාත්මක අපරාදකරුගේ අපරාධ මෙරට තුළදී ක්‍රියාත්මක කරන බවටත් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත වන බවටත් හෙළි මේ වනවිට හෙළිදරව් වී තිබෙනවා.

මොහු මින් පෙර කරන ලද අපරාද රැසක් සම්බන්දයෙන් අවස්ථා කිහිපයකදී රක්ෂිිත බන්ධනාගාර ගත වී සිට ඇති අතර පුද්ගලයන්ට වංචා කිරීම සම්බන්දයෙන් අත්හිටවූූ සිර දඩුවම් ලබා සිටි පුද්ගලයෙකු බවද හෙළි දරව් වි ඇත. එමෙන්ම මොහු 2008 වර්ෂයේදී අවි ආයුධ පෙන්වා ඇගලුම් සේවිකාවකගෙන් රත්රන් බඩු කොල්ල කෑමේ සිදුවීීමක් සම්බන්දයෙන්ද, පුද්ගලයෙකුට වෙඩිතබා තුවාල කිරීම සදහා ආධාර අනුබල දීම යටතේ වන නඩුවක් සදහාද, ටී 56 ගිනි අවියක් නිවසේ තබා ගැනීම සම්බන්දයෙන්ද පුද්ගලයන් කිහිප දෙනෙකුට මුදල් වංචා කිරීම් සම්බන්දයෙන්ද සන්ෂයින් සුද්දා යන අන්වර්ථ නාමයෙන් හදුන්වනු ලැබූ සංවිධානාත්මක අපරාද කරුවෙකු ඝාතන සැලැස්මක් මෙහෙයවීම සම්බන්දයෙන් ද, ඇතුලුව අපරාධ විශාල සංඛ්‍යාවක් සම්බන්ධයෙන් නඩු රැසක් මොහුට එරෙහිව විභාග වෙමින් ඇති බවට ද ඉතා විශ්වාස කටයුතු ආරංචි මාර්ග පවසනවා.

මොහුගේ නම වැලිගම ප්‍රාදේශීය සභාව සදහා යෝජනා කිරීම සම්බන්ධයෙන් සමගි ජන බලවේගය ඇතුලෙන්ම දැඩි විරෝධයක් එල්ලවී ඇති බවද වාර්තා වනවා.එපමණක් නොව මෙවැනි ආකාරයේ පුද්ගලයන් බලයට ගෙනන ඒම  තරයේ ප්‍රතික්ෂේප කළ යුතු බව සමාජයේ මතයයි.

ReeCha