අපේ ජාතිය කොන්දක් ඇති ජාතියක්, අපි කවදාවත් යටත් වෙන්නේ නැහැ කමේනි ජනතාව අමතයි

Report

ඉරාන උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි අද ඉරාන ජනතාව අමතා ඇති බව වාර්තා විය.

එහිදී එක්සත් ජනපද ජනාධිපතිවරයා පැවසූ ලෙස "අපි කිසි විටෙකත් යටත් නොවන බවත්, අපගේ ජාතිය කොන්දක් ඇති ජාතියක් බවත්" කමේනි විසින් ප්‍රකාශ කර ඇත.

රටේ සියලුම පාසල්වලට විශේෂ නිවේදනයක්

රටේ සියලුම පාසල්වලට විශේෂ නිවේදනයක්

අමෙරිකාවෙන් තමන්ට ප්‍රහාරයක් එල්ල කළත් ඉන් තම රටට බරපතළ හානියක් සිදු නොවූ බවත්, තමන් කිසිවෙකුට හෝ යටත් නොවන ජාතියක් බවත්, ඊශ්‍රායලයට එරෙහි යුද්ධය ඉරානය ජයගත් බවත් ඔහු කියා ඇත.

එහිදී ඊශ්‍රායලය යළි ඉරානයට පහර දුන්නොත් ඒ සඳහා සුදුසු ප්‍රතිචාර දක්වන බවත් පවසා ඇත.

එසේම ඉරානයට පහර දෙන ලෝකයේ ඕනෑම රටකට ඔවුන් පහර දෙන බවත් කමේනි පවසා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙහිදී කමේනි වැඩිදුරටත් දක්වා ඇත්තේ යුදෙව් සියොන්වාදී පාලනය වැටී ඇති බවයි.

ප්‍රචණ්ඩ සුනාමියක් ගැන භයානක අනාවැකියක්

ප්‍රචණ්ඩ සුනාමියක් ගැන භයානක අනාවැකියක්

එහිදී එක්සත් ජනපදය මැදිහත් නොවූයේ නම් යුදෙව් පාලනය මුළුමනින්ම විනාශ වීමට ඉඩකඩ තිබූ බවත් ඔහු කියා ඇත.

තවද එක්සත් ජනපදය මෙම යුද්ධයට මැදිහත් වූයේ යුදෙව් පාලනය අතුරුදහන් වේ යැයි බියෙන් බව ද ඔහු සඳහන් කර ඇත.

අද (26) දින ඉරාන රාජ්‍ය රූපවාහිනිය ඔස්සේ පටිගත කළ වීඩියෝවක් යොමුකරමින් ඔහු මේ බව පවසා ඇත්තේ ඉකුත් ජුනි 13 වන දින ප්‍රහාර එල්ල කිරීමෙන් පසු පළමු වරට පෙනී සිටිමින් වීම විශේෂත්වයක්. 

ඊශ්‍රායලට යන්න සුපිරි චාන්ස් එකක් රැකියා අවස්ථා 3ක්

ඊශ්‍රායලට යන්න සුපිරි චාන්ස් එකක් රැකියා අවස්ථා 3ක්