ශ්‍රී ලංකා කණ්ඩායම සිම්බාබ්වේ සංචාරයක
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම එළැඹෙන අගොස්තු මස සිම්බාබ්වේ සංචාරයක නිතරවීමට නියමිතය.
ඒ එක්දින තරග 2ක් හා විස්සයි20 තරග 3ක් සඳහායි.
දෙරට අතර පළමුව එක්දින තරග පැවැත්වෙන අතර, එම තරග අගෝස්තු 29 හා 31 දිනවල පැවැත්වීමට සැලසුම්කර ඇති බවයි වාර්තා වන්නේ.
ඉන් අනතුරුව සැප්තැම්බර් 3, 6 හා 7 දිනවල විස්සයි20 තරගාවලිය පැවැත්වෙනවා.
මෙම සියලුම තරග හරාරේ ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.