හිටපු සෞඛ්‍ය ඇමති සහ සැකකරුවන් සිව් දෙනෙක් යළි රක්ෂිත බන්ධනාගාරගත කෙරේ......
By Parami Dissanayake
සැප්තැම්බර් 11 වනදා තෙක් හිටපු සෞඛ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු සැකකරුවන් සිව් දෙනෙක් අද (22) යළි රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා.
ඒ, ප්‍රමිතියෙන් තොර හියුමන් ඉමියුනොග්ලොබියුලින් එන්නත් මාත්‍රා මිලදී ගැනීමේ නඩුව අද මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී ය.
මෙහිදී, සිද්ධියේ පළමු සැකකරු මානසික රෝහලක් වෙත යොමු කරන ලෙස අධිකරණය වැඩිදුරටත් නියම කළේ ය.
ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා එල්ලවූ හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඉකුත් පෙබරවාරි 02 වනදා අත්අඩංගුවට ගැනුණි.
ඊට පසුදින එනම් පෙබරවාරි (02) මාලිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය මගින් සැකකරු රක්ෂිත බන්ධනාගාරගත කෙරුණි.
ඒ අනුව, මේ වන තෙක් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල රිමාන්ඩ් භාරයේ පසුවන්නේ ය.