හිටපු අමාත්‍ය රාජිතගේ සොහොයුරා ඇප ලැබුණත් රිමාන්ඩ් - හේතුව මෙන්න

Report

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මඟින් අත්අඩංගුවට ගෙන තිබූ ලංකා ධීවර නීතිගත සංස්ථාවේ හිටපු සභාපති මහීල් සෙනරත්න මහතා ඇප මත මුදා හැර ඇතත් ඇප කොන්දේසි නිසි පරිදී සම්පූර්ණ කරගැනීමට නොහැකි වීම නිසා ඔහු රක්ෂිත බන්ධනාගාරගත කර ඇති බව වාර්තා වේ.

ඒ අනුව සැකකරු අද (18) කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසුව ඔහුට ඇප හිමිව තිබුණා.

එහිදී අධිකරණය නියෝග කර තිබුණේ රුපියල් ලක්ෂ 25 බැගින් වූ ශරීර ඇප දෙකක් සහ සැකකරුගේ විදෙස් ගමන්ද තහනම් කරන ලෙසයි.

එසේ වුවත් සැකකරුට ඇප කොන්දේසි නිසි ලෙස සම්පූර්ණ කරගැනීමට නොහැකි වීම නිසා ඔහුව මෙසේ රක්ෂිත බන්ධනාගාරගත කර ඇති බව සඳහන්.

හිටපු අමාත්‍ය රාජිතගේ සහෝදරයකු වූ ධීවර සංස්ථාවේ හිටපු සභාපතිට ඇප

හිටපු අමාත්‍ය රාජිතගේ සහෝදරයකු වූ ධීවර සංස්ථාවේ හිටපු සභාපතිට ඇප

ලංකා ධීවර සංස්ථාවේ හිටපු සභාපතිවරයෙකු වන නම්බුකාර හැලඹගේ මහිල් සේනාරත්න මහතා හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ සහෝදරයෙකු ද වන බව වාර්තා වේ.

මොහුව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් අද (18) දින පෙරවරුවේ අත්අඩංගුවට ගනු ලැබුවේ දූෂණය නැමැති වරද කිරීමේ චෝදනාව මතයි.

ඒ, 2010-2012 කාල සීමාව තුළ දිවයින පුරා මාළු අලෙවිසැල් ඉදිකිරීමේ සහ අලුත්වැඩියා කිරීමේදී නියමිත ප්‍රසම්පාදන ක්‍රියාවලියෙන් බැහැරව සෘජුවම තෝරාගත් ආයතන 02ක් වෙත අනුමැතිය ලබාදී හා එම ආයතන වෙත ගෙවීම් කිරීමට නිලධාරීන් වෙත බලපෑම් කිරීම තුළින්, දුෂණය නැමැති වරද සිදුකිරීම සම්බන්ධයෙන්.

අද සිට ලබන 28 දක්වා දින 11ක් මේ සුරාසැල් වසා දමයි - සුරාබදු දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්

අද සිට ලබන 28 දක්වා දින 11ක් මේ සුරාසැල් වසා දමයි - සුරාබදු දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්

ගැසට් පත්‍රයකින් මෙම රාජ්‍ය සේවකයන් බඳවා ගැනීමේ කාලය දීර්ඝ කරන බවට විශේෂ දැනුම්දීමක් - තනතුරු රැසකට අයදුම්පත්

ගැසට් පත්‍රයකින් මෙම රාජ්‍ය සේවකයන් බඳවා ගැනීමේ කාලය දීර්ඝ කරන බවට විශේෂ දැනුම්දීමක් - තනතුරු රැසකට අයදුම්පත්