ලෝක ප්‍රකට ක්‍රිකට් ක්‍රීඩක‍යෙක් හදිසියෙම ජීවිතයෙන් සමුගයි - මරණයට හේතුව

Report

හිටපු එංගලන්ත වේග පන්දු යවන ක්‍රීඩක ටෝනි පිගොට් (Tony Pigott) ජීවිතක්ෂයට පත්ව ඇත. ජීවිතක්ෂයට පත් වන විට ඔහුගේ වයස අවුරුදු 67ක් විය.

ඔහු මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත්තේ හදිසියේ ඇති වූ හෘදයාබාධයකින් බව වාර්තා වේ. 1984 වසරේ නවසීලන්තයට එරෙහිව සිය මංගල ටෙස්ට් තරඟයට ක්‍රීඩා කිරීමට ඔහු තමාගේම විවාහ උත්සවය කල් දැමීමට කටයුතු කිරීම එවකට ක්‍රිකට් ලෝකයේ දැඩි කතාබහට ලක්වූ සිද්ධියක් විය.

එමෙන්ම සිය මංගල පළමු පෙළ තරඟයේදීම කඩුලු ත්‍රිත්වයක් (Hat-trick) ලබා ගැනීමට ඔහු සමත්ව ඇත.

ලෝක විවාහක රූ රැජින තරගවලියෙන් ලොවක් ඉදිරියේ ලංකාව දිනවපු ඇය අද දිවයිනට

ලෝක විවාහක රූ රැජින තරගවලියෙන් ලොවක් ඉදිරියේ ලංකාව දිනවපු ඇය අද දිවයිනට

වසර 18ක් සසෙක්ස් කණ්ඩායම නියෝජනය කළ පිගොට්, අනතුරුව එහි ප්‍රධාන විධායක නිලධාරියා (CEO) වශයෙන් ද කටයුතු කර තිබෙනවා.

මේ අතර සසෙක්ස් කණ්ඩායම 2003 වසරේදී සිය ප්‍රථම ප්‍රාන්ත ශූරතාව දිනා ගැනීමට අවශ්‍ය අඩිතාලම දැමුවේ ඔහු බව බොහෝ දෙනා පිළිගයි.

සිය ක්‍රිකට් දිවිය තුළ පළමු පෙළ සහ 'A' ශ්‍රේණියේ තරඟවලදී කඩුලු 1,000කට වඩා ලබා ගැනීමට ඔහු සමත්ව ඇති බව ද සඳහන්.

ගඩාෆිගේ පුත්‍රයා ජීවිතක්ෂයට - නිවසේ උයනේදී ප්‍රහාරකයින් වෙඩි තබා පලා ගිහින්

ගඩාෆිගේ පුත්‍රයා ජීවිතක්ෂයට - නිවසේ උයනේදී ප්‍රහාරකයින් වෙඩි තබා පලා ගිහින්

[he-real-story-behind-hemal-ranasinghe-incident-