රජයේ වතු බංගලාවක් බලෙන්ම අල්ල ගත්තු හිටපු මහ ඇමති
Sri Lanka Politician
Law and Order
Latest Headlines
Sinhala news
Breaking News
By Kaushi
රජයට අයත් වැවිලි සමාගමකට බදු දී ඇති වත්තක නිල නිවසක් උතුරු පළාතේ හිටපු මහ ඇමතිවරයෙක් බලහත්කාරයෙන් අත්පත් කර ගෙන ඇති බව වාර්තා වේ.
ඒ සම්බන්ධයෙන් වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශය පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.
වාර්තා වන ආකාරයට මෙසේ හිටපු මහ ඇමතිවරයා අත්පත් කර ගෙන ඇත්තේ හැටන් වැවිලි සමාගමට බදු දී ඇති කැරොලිනා වත්තේ, බිනෝයා කොටසේ පිහිටි වතු ක්ෂේත්‍ර නිලධාරියෙක්ගේ නිල නිවසක් බව සඳහන්.
එසේම එම වතු නිවසට ආසන්න ඉඩමකට අදාළව හිටපු මහ ඇමතිවරයා විසින් නඩුවක් ගොනු කර ඇති බව ද වාර්තා වේ.
කෙසේ වෙතත් තොරතුරු අනාවරණය වූ පරිදී එම නඩුවට අදාළ ඉඩමට වතු ක්ෂේත්‍ර නිලධාරියාගේ නිල නිවස සහ ඉඩම ද අයත් බව පවසමින් අඳාළ හිටපු ඇමතිවරයා මෙසේ එම නිවස බලහත්කාරයෙන් අත්පත් කරගෙන ඇති බව පවසයි.
