ඉරාන පහරෙන් පසුව, දැන් යේමනයත් ක්‍රියාත්මකයි – ඊශ්‍රායලය වෙත තවත් ප්‍රහාරයක්
By Shehan
ඊශ්‍රායල හමුදාව ප්‍රකාශ කළේ, යේමන හවුති කැරලිකරුවන් විසින් ඊශ්‍රායලය ඉලක්ක කර එල්ල කරන ලද මිසයිල සහ ඩ්‍රෝන යානා සාමාන්‍ය ගුවන් ආරක්ෂක පද්ධති මගින් අත්හිටුවා වෙඩි තබා බිම හෙළූ බවයි.
ජාත්‍යන්තර ප්‍රවෘත්ති වාර්තාවලට අනුව, ගාසා තීරයට සහාය පළ කරන යේමනයේ හවුති කැරලිකරුවන් ඊශ්‍රායල හමුදා ඉලක්ක කරමින් මෙම ප්‍රහාර එල්ල කර ඇත.
මේ අතර, ඊශ්‍රායලය විසින් යේමනයට එරෙහිව පළිගැනීමේ ක්‍රියාමාර්ග ගන්නා බවට තර්ජනය කර ඇත.
ඉරානය සහ ඊශ්‍රායලය අතර මෑතකදී තාවකාලික සටන් විරාමයක් ඇති වූ පසුබිමක, යේමනය සහ ඊශ්‍රායලය අතර මෙලෙස ගැටුම් උත්සන්න වීම සැලකිය යුතු තත්ත්වයක් ලෙස හඳුනාගෙන ඇත.
මෙම තත්ත්වය මැදපෙරදිග කලාපයේ ආතතීන් තවදුරටත් උග්‍ර විය හැකි බවට ජාත්‍යන්තර විශ්ලේෂකයෝ අනතුරු අඟවති.