මස්කෙළියේ තවත් බල කෙළියක්

Report

මස්කෙළිය ප්‍රාදේශිය සභාවේ මංගල සභා රැස්විම මධ්‍යම පළාත් පාලන කොමසාරිස් ඒ.එම්.කේ.පී.කේ. චමිලා අතපත්තු මහත්මියගේ ප්‍රධානත්වය මත මස්කෙළියේ පිහිටි මස්කෙළිය අප්කට් පාර අචිනිකා උත්සව ශාලාවේදි පවත්වා තිබෙනවා.

ඒ අනුව එම ප්‍රාදේශිය සභාවේ නව සභාපතිවරයා ලෙස ස්වාධීන කණ්ඩායමෙන් තරග වැදුණු කන්දයියා රාජ් කුමාර් මහතා විවෘත ඡන්ද 09 කින් තේරී පත් ව තිබෙනවා.

රටේ සියලුම පාසල්වලට විශේෂ නිවේදනයක්

රටේ සියලුම පාසල්වලට විශේෂ නිවේදනයක්

එසේම සමගි ජන බලවේගයෙන් සභාපතිවරයා ලෙස යෝජනා කෙරුණු ආසිර්වාදම් එලිස්ටන් මහතා විවෘත ඡන්ද 08 ක් ලබා ගෙන ඇත.

කෙසේ වෙතත් සභාපතිවරයා තේරිමේ ඡන්ද ක්‍රමය තෝරා ගැනීම පිළිබඳව එම සභාවට ජාතික ජන බලවේගයේ තේරි පත් වී සිටින සභිකයින් විසින් කොමසාරිස්වරියට පවසා ඇත්තේ තම සභාපති අපේක්ෂකයට මරණීය තර්ජනය එල්ල වී ඇති බැවින් ඡන්දය රහස්ව පවත්වන ලෙස බව සඳහන් වේ.

එහෙත් ඊට විරුද්ධත්වය දැක්වූ වූ සමගි ජන බලවේගයේ සභිකයින් සභාව තුළ කලහකාරි අන්දමට හැසිරෙමින් කියා ඇත්තේ සභාපතිවරයා තේරිමේ ඡන්දය විවෘත ඡන්දයක් විය යුතු බවයි.

පොරොන්දු ඉටු නොවුනොත් ළඟදිම අනුර ගෝ හෝම් එන්නත් බැරි නෑ, මරික්කාර්ගෙන් අනතුරු ඇඟවීමක්

පොරොන්දු ඉටු නොවුනොත් ළඟදිම අනුර ගෝ හෝම් එන්නත් බැරි නෑ, මරික්කාර්ගෙන් අනතුරු ඇඟවීමක්

මෙහිදී දෙපාර්ශවය අතර පැවති උණුසුම් තත්ත්වය නිසා මධ්‍යම පළාත් පාලන කොමසාරිස්වරිය ඡන්ද මතය විමසීම විශේෂ අවස්ථාවක් සේ සලකා රහස් ආකාරයෙන් පවැත්වීමට කටයුතු කර ඇත.

ඒ අනුව මතය විමසිම රහස් ඡන්දයකින් තිබූ අතර එහිදි විවෘත ඡන්දය පවත්වන ලෙස ඡන්ද 10ක් සහ රහස් ඡන්දය පවත්වන ලෙසට ඡන්ද 07ක්ද ලැබුණු බව වාර්තා වේ. ඒ අනුව මස්කෙළිය ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා තේරිම විවෘත ඡන්දයකින් පවත්වා තිබෙනවා.

එහිදී සභාවේ උප සභාපතිවරයා ලෙස සමගි ජන බලවේගයෙන් තේරි පත් වූ පරමසිවම් රාජ්කුමාර් මහතා ඒක මතිකව එම සභාවට තේරිපත් ව ඇත.

ප්‍රචණ්ඩ සුනාමියක් ගැන භයානක අනාවැකියක්

ප්‍රචණ්ඩ සුනාමියක් ගැන භයානක අනාවැකියක්