මේ ස්ථානවල දුම්පානය තහනම්, ජූලි 1 වන දා සිට ක්‍රියාත්මකයි

France Smoking Law and Order Sinhala news Breaking News
By Kaushi Jun 28, 2025 04:30 PM GMT
Kaushi

Kaushi

Report

දුම්පානය පිළිබඳව ප්‍රංශයේ කාලයක පටන් කලක සිට ක්‍රියාත්මක කර තිබෙන නීති තවදුරටත් දැඩිකරමින් උද්‍යාන, වෙරළ සහ පාසල් අසල ඇතුළු ස්ථාන කිහිපයක දුම්පානය තහනම් කර ඇත.

ඒ අනුව අද (28) දින ප්‍රකාශයට පත්කරන ලද මෙම නීති මාලාව ජූලි 1 වනදා පටන් බලාත්මක වන බව සඳහන්.

රටේ සියලුම පාසල්වලට විශේෂ නිවේදනයක්

රටේ සියලුම පාසල්වලට විශේෂ නිවේදනයක්

එනිසා ජූලි 1 වන දා සිට ප්‍රංශයේ සියලුම උද්‍යාන සහ ක්‍රීඩා භූමි, වෙරළ තීරයන් සහ බස් නැවතුම්පොළවල, සෑම පාසලක් අවට, දරුවන් ප්‍රසිද්ධියේ එක්රැස්වන සෑම තැනකම දුම්පානය තහනම් කර ඇති බව වාර්තා වේ.

මේ අතර ප්‍රංශ සෞඛ්‍ය අංශයන්හි මැදිහත්වීම අනුව 2007 වසරේ සිට ප්‍රංශයේ අවන්හල්, බාර් සහ පොදු ස්ථානවල දුම්පානය තහනම් බව සඳහන්. එමෙන්ම එහි දිගින් දිගටම දුම්වැටිවලට පනවන බදු ඉහළ දමමින් සිටින බව වාර්තා වේ.

ප්‍රචණ්ඩ සුනාමියක් ගැන භයානක අනාවැකියක්

ප්‍රචණ්ඩ සුනාමියක් ගැන භයානක අනාවැකියක්

ඒ අනුව අද වනවිට ප්‍රංශයේ සාමාන්‍ය දුම්වැටි පැකට්ටුවක මිල යුරෝ 12 (රු. 4,215කට වැඩි)ක් පමණ වෙනවා.

එහෙත් යුරෝපයේ වැඩිම දුම්පානය කරන රටවල් අතර ඉහළින් සිටින රටක් වන ප්‍රංශයේ වැඩිහිටි පුද්ගලයන්ගෙන් 30%කට අධික පිරිසක් තවමත් දුම්වැටි පානය කර‍යි.

මේ අතර ප්‍රංශයේ දිනකට දුම්කොළ ආශ්‍රිත රෝගවලින් 200කට අධික පිරිසක් මියයන බව අනාවරණය වී ඇති අතර, එම අගය වර්ෂයකට 75,000කට වැඩි බව සඳහන්.

මාලිමා කොට්ටහච්චි එක්ක සජබේ මන්ත්‍රී තුන් දෙනෙක් ලිෆ්ට් එකේ හිර වෙයි

මාලිමා කොට්ටහච්චි එක්ක සජබේ මන්ත්‍රී තුන් දෙනෙක් ලිෆ්ට් එකේ හිර වෙයි

ඊට අමතරව මෙම නව තහනමෙන් E-Cigarettes නිදහස් කර තිබෙනවා.

එසේම ප්‍රංශයට අමතරව බ්‍රිතාන්‍යය සහ ස්වීඩනයේද පොදු ස්ථානවල දුම්පානය කිරීමේ රෙගුලාසි දැඩි කර ඇති අතර ස්පාඤ්ඤය ද එරට ආපනශාලා, අවන්හල් එළිමහල් භූමිවල දුම්පානය තහනම් කිරීමට නීති සකසමින් සිටින බව පවසයි.

ජපුරෙන් තීරණයක්, ආයේ බාහිර උපාධි හා විස්තාරිත පාඨමාලා නෑ

ජපුරෙන් තීරණයක්, ආයේ බාහිර උපාධි හා විස්තාරිත පාඨමාලා නෑ

ReeCha