AI වලින් වැඩ ගන්නේ මෙහෙමයි අධ්‍යාපන අමාත්‍යාංශයේ නිලධාරින්ටත් වැඩමුළුවක්

Report

අධ්‍යාපන අමාත්‍යාංශයේදී රාජ්‍ය සේවය ඵලදායි සහ කාර්යක්ෂම සේවයක් බවට පරිවර්තනය කිරීමට කෘත්‍රීම බුද්ධිය යොදා ගත හැකි ආකාරය සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ මාණ්ඩලික නිලධාරින් දැනුවත් කිරීමේ වැඩමුළුවක් පවත්වා ඇති බව වාර්තා වේ.

රටේ සියලුම පාසල්වලට විශේෂ නිවේදනයක්

රටේ සියලුම පාසල්වලට විශේෂ නිවේදනයක්

ඒ සම්බන්ධයෙන් ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ රාජ්‍ය සේවය ඩිජිටල්කරණය කිරීමේ වැඩපිළිවෙළෙහි ආරම්භක ප්‍රවේශයක් වශයෙන් නිලධාරීන් දැනුවත් කිරීම හා සුදානම් කිරීමත්, කෘත්‍රිම බුද්ධිය සම්බන්ධයෙන් රාජ්‍ය සේවය තුළ ධනාත්මක ආකල්පයක් ඇති කිරීමත් මෙහි අරමුණ බවයි.

එසේම එම අවස්ථාවට සම්බන්ධ වූ ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික කුමානායක මහතා කියා සිටියේ කෘත්‍රීම බුද්ධිය භාවිතයෙන් කාලීන වටිනාකමක් ඇතිව අධ්‍යාපන ක්ෂේත්‍රයේ ගුණාත්මකභාවය ඉහළ නැංවිය හැකි බවයි.

පොරොන්දු ඉටු නොවුනොත් ළඟදිම අනුර ගෝ හෝම් එන්නත් බැරි නෑ, මරික්කාර්ගෙන් අනතුරු ඇඟවීමක්

පොරොන්දු ඉටු නොවුනොත් ළඟදිම අනුර ගෝ හෝම් එන්නත් බැරි නෑ, මරික්කාර්ගෙන් අනතුරු ඇඟවීමක්

තවද මෙහිදී ඩිජිටල් ආර්ථිකය පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය හාන්ස් විජේසූරිය මහතා පවසා ඇත්තේ අධ්‍යාපන අමාත්‍යාංශය තුළ කෘත්‍රීම බුද්ධිය භාවිතයට ගත හැකි ආකාරය සහ ඒ වෙනුවෙන් සැලසුම් කර ඇති තාක්ෂණික වෙනස්කම් පිළිබඳ මෙහිදී දේශනයක් සිදු කළ බවයි.

ප්‍රචණ්ඩ සුනාමියක් ගැන භයානක අනාවැකියක්

ප්‍රචණ්ඩ සුනාමියක් ගැන භයානක අනාවැකියක්