තවත් යාත්‍රාවකට අනතුරක්
By Mithu
දෙවුන්දර ධීවර වරායෙන් ඊයේ දින පිටත් වූ යාත්‍රාවක් අනතුරට ලක් වූ අතර ඉන් එක් පුද්ගලයකුගේ දිවි බේරී හතර දෙනකු මිය ගියේය.
ඒ අනුව හික්කඩුව ධීවර වරායෙන් මුහුදුගිය බහුදින ධීවර යාත්‍රාවක් අද (28) පස්වරුවේ වරාය ආසන්නයේදීම අනතුරකට ලක්ව තිබේ.
මෙහිදී කිසිදු ධීවරයෙකුට අනතුරක් සිදුව නොමැති අතර, ඔවුන්ව අසල සිටි ධීවරයින් හා පොලීසිය එක්ව බේරාගෙන ඇත. කෙසේ වෙතත් බෝට්ටුවට හානි සිදුව ඇති අතර, තෙල් කාන්දුවීමක්ද සිදුවෙමින් තිබේ. මේ වනවිට බෝට්ටුවේ භාණ්ඩ ඉවත්කරමින් සිටින බව හික්කඩුව පොලීසිය පවසයි.