දුම්රිය මාර්ගයක් සංවර්ධනයට

By Mithu Jun 28, 2025 02:03 PM GMT
Report

අතහැර දමා ඇති නුවරඑළිය - නානුඔය දුම්රිය මාර්ගය පෞද්ගලික අංශය හා ඒකාබද්ධව සංවර්ධනය කිරීමට රජය තීරණය කර ඇතැයි ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා පැවැසීය. එම දුම්රිය මාර්ග අයිතිය දුම්රිය දෙපාර්තමේන්තුව යටතේ තිබියදී එම කාර්ය සිදු කරන බව අමාත්‍යවරයා කීය.

පොරොන්දු ඉටු නොවුනොත් ළඟදිම අනුර ගෝ හෝම් එන්නත් බැරි නෑ, මරික්කාර්ගෙන් අනතුරු ඇඟවීමක්

පොරොන්දු ඉටු නොවුනොත් ළඟදිම අනුර ගෝ හෝම් එන්නත් බැරි නෑ, මරික්කාර්ගෙන් අනතුරු ඇඟවීමක්

සංචාරක කර්මාන්තය දියුණු කිරීම සඳහා එම පියවර ගන්නා බවද බිමල් රත්නායක මහතා පැවසීය. එමෙන්ම නව දුම්රිය කිහිපයක් ගෙන ඒමට ඉදිරි අයවැයෙන් යෝජනා කිරීමටද බලාපොරොත්තු වන බව ද අමාත්‍යවරයා කීවේය. අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ දුම්රිය ස්ථාන 100ක් නවීකරණය කිරීමේ ව්‍යාපෘතියේ(Dream Destination) සමාරම්භක අවස්ථාවට ජනාධිපති කාර්යාලයේදී සහභාගී වෙමිනි.

මහජන බැංකුවෙන් ලක්ෂ 900ක වංචාවක් - CIDයෙන් විමර්ෂණ

මහජන බැංකුවෙන් ලක්ෂ 900ක වංචාවක් - CIDයෙන් විමර්ෂණ