යාපනයේ ජනපති මැදුරට අයිතිකරුවන් 08ක්

Report

යාපනය ජනාධිපති මන්දිරය පිළිබඳ අලුත් කතාවක් කරලියට ඇවිල්ලා. ඒ ගැන කියන්නයි මේ සූදානම.යාපනයේ ජනාධිපති මන්දිරය සාදා ඇත්තේ යාපනයේ ජනතාවගේ ඉඩම් අනවසරයෙන් අත්පත් කර ගැනීමෙන් බව නාගරික සංවර්ධන ඉදිකිරීම් සහ නිවාස අමාත්‍යාංශය කළ විමර්ශනයකදී තොරතුරු හෙළි වී ඇත.

මහජන බැංකුවෙන් ලක්ෂ 900ක වංචාවක් - CIDයෙන් විමර්ෂණ

මහජන බැංකුවෙන් ලක්ෂ 900ක වංචාවක් - CIDයෙන් විමර්ෂණ

ජනාධිපති මන්දිරයේ ඉඩමට අයිතිකරුවන් අට දෙනකු ඉදිරිපත්වීම හේතුවෙන් එම මන්දිරය ආයෝජකයෙකුට ලබාදීමට ගැටලුකාරී තත්වයක් මතුව ඇතැයි වාර්තාවේ. මේ සම්බන්ධයෙන් අප නාගරික සංවර්ධන ඉදිකිරීම් සහ නිවාස අමාත්‍ය ආචාර්ය අනුර කරුණාතිලක මහතාගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ මෙම මන්දිරය ආයෝජකයෙකුට ලබාදීමට පෙර ඉඩමේ අවුල් සියල්ල නිරවුල් කරගත යුතු බවයි. ඉඩමේ අවුල් නිරවුල් කරගැනීමට මේ දිනවල කටයුතු කරගෙන යන බවද හෙතෙම සඳහන් කළේය.

යාපනයේ ජනාධිපති මන්දිරය විවිධ ආයෝජන සඳහා ලබා ගැනීමට කැනඩාවේ ආයෝජකයෙකු ඇතුළු පිරිසක් දැනටමත් ඉදිරිපත්ව සිටිති. 2010 2015 අතර කාල සීමාවේදී ඉදිකර ඇති යාපනය ජනාධිපති මන්දිරය පිහිටා ඇත්තේ කන්කසන්තුරේ ප්‍රදේශයේ අක්කර තිහක පමණ භූමිභාගයකය. එම ඉඩමේ අක්කර පහළොවක් පුරා ගොඩනැගිලි ඉදිකර ඇත.

බිහිසුණු බෝට්ටු අනතුරෙන් අතුරුදන් වූ එක් ධීවරයෙක් බේරෙයි

බිහිසුණු බෝට්ටු අනතුරෙන් අතුරුදන් වූ එක් ධීවරයෙක් බේරෙයි