ක්‍රිකට් ලොව ලස්සනම කෙල්ල මන්දනාගෙන් වාර්තාවක්

Report

ඉන්දියාව වෙනුවෙන් ආකෘති ත්‍රිත්වය යටතේම ශතක කළ පළමු හා එකම ක්‍රිකට් ක්‍රීඩිකාව බවට ආරම්භක පිතිකාරිනි ස්මිර්ති මන්දනා අද (28) වාර්තා පොත් අලුත් කළාය. එංගලන්තයට එරෙහිව නොටින්හැම්හිදී පැවති පළමු විස්සයි20 තරගයේදී ප්‍රහාරාත්මක ලකුණු 112ක් රැස්කරමින් ඇය මෙම සුවිශේෂී වාර්තාව පිහිටුවීය.

පළමුව පන්දුවට පහර දී ඉන්දියාව රැස්කළ ලකුණු 210ක දැවැන්ත ඉනිමේ වැඩි බරක් කරට ගත් ඇය සිය ශතක ඉනිම වෙනුවෙන් මුහුණදුන්නේ පන්දු 62කට පමණි. එහිදී හයේ පහර 3ක් හා හතරේ පහර 15ක් එල්ල කිරීමටද ඇය වගබලා ගත්තාය. ඇය මේ වනවිට ටෙස්ට් ශතක 2කට හා එක්දින ශතක 11කට හිමිකම් කියයි.

මහජන බැංකුවෙන් ලක්ෂ 900ක වංචාවක් - CIDයෙන් විමර්ෂණ

මහජන බැංකුවෙන් ලක්ෂ 900ක වංචාවක් - CIDයෙන් විමර්ෂණ

මේ අතර එංගලන්තයට එරෙහිව පැවති මෙම තරගයෙන් ලකුණු 97ක විශිෂ්ට ජයක් ලැබීමටද ඉන්දියාවට හැකිවිය. ඉන්දීය කණ්ඩායම පන්දුවාර 20 තුළදී කඩුලු 5ක් දැවී රැස්කළ ලකුණු 210ක දැවැන්ත ඉනිමට පිළිතුරු ලෙස එංගලන්තයට ලබාගැනීමට හැකිවූයේ ලකුණු 113ක් පමණි. ඒ අනුව එංගලන්තය ලැබූ එම පරාජය සැලකෙන්නේද ඔවුන් ඉන්දියාව හමුවේ සිය ක්‍රිකට් ඉතිහාසයේ වැඩිම ලකුණු පරතරකින් පරාජය වූ තරගය ලෙසය. මෙම තරගයේ ඉන්දීය කණ්ඩායමේ නායිකාව ලෙසින් කටයුතු කළේද මන්දනාය.

මියගිය ධීවරයන්ගේ සිරුරු රෝහලට ගෙන ගිය අයුරු

මියගිය ධීවරයන්ගේ සිරුරු රෝහලට ගෙන ගිය අයුරු