ප්‍රියන්තගේ දේහය පිළිබඳව විදේශ අමාත්‍යාංශයෙන් නිවේදනයක්

By Sithumi Dec 05, 2021 09:55 AM GMT
Sithumi

Sithumi

Report

පාකිස්තානයේ සියල්කොට් ප්‍රදේශයේ දී ඝාතනය කරනු ලැබූ දියවඩනගේ දොන් නන්දසිරි ප්‍රියන්ත කුමාර මහතාගේ දේහයේ හෙට (06) දින මෙරටට ගෙන්වනු ලබන බව විදේශ අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දෙයි. එහි වැඩිදුරටත් දැක්වෙන්නේ රාජ්‍ය වියදමින් ශ්‍රී ලන්කන් ගුවන් සේවය මගින් දේහය මෙරටට රැගෙන එන බවය.

දෙසැම්බර් 03 වැනි දින ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා මෙම අවාසනාවන්ත ඉරණමට මුහුණ දී තිබුණි. මියගිය පුද්ගලයාගේ ළඟම ඥාතීන් විසින් එම මෘත දේහය බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ දී භාරගැනීමට නියමිතය. විදේශ අමාත්‍යංශය විසින් මෙම ක්‍රියාවලිය සම්බන්ධීකරණය කරනු ලැබේ.

විපතට පත්වූ පාර්ශ්වයට වන්දි ගෙවීම සඳහා, ඉස්ලාමාබාද් හි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය විදේශ අමාත්‍යංශය සමග සම්බන්ධීකරණ වෙමින් කටයුතු කරමින් ඇත. ඒ සම්බන්ධයෙන් පාකිස්තාන බලධාරීන් සහ මියගිය පුද්ගලයාගේ සේවායෝජකයා සමග මේ වනවිට සාකච්ඡාවල නිරතව සිටින බවද විදේශ අමාත්‍යාංශය පවසයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now