මිලියන ගානක් වටින කුෂ් තොගයක් සමග විදෙස් තරුණියක් මාට්ටු

Sri Lanka Police Sri Lanka Customs Sinhala news
By Mithu May 12, 2025 04:07 PM GMT
Mithu

Mithu

Report

තායිලන්තයේ බැංකොක් කුවර සිට ශ්‍රී ලංකාවට පැමිණි බ්‍රිතාන්‍ය ජාතික තරුණියක් විසින් නීතිවිරෝධීව රැගෙනව ආ කුෂ් නැමැති මත්ද්‍රව්‍ය තොගයක් රේගු නිලධාරීන් භාරයට ගෙන තිබේ.

ජනප්‍රිය තරුවක් ජීවිතයට සමුදෙයි

ජනප්‍රිය තරුවක් ජීවිතයට සමුදෙයි

ශ්‍රී ලංකා රේගුවේ මත්ද්‍රව්‍ය පාලන නිලධාරීන් විසින් සිදුකරන ලද විශේෂ වැටලීමකදි අද (12) පස්වරුවේ ඇය මෙරටට පැමිණි පසු රේගු පරිශ්‍රය පසුකර යාමට උත්සාහ කිරීමේදි නවතා පරීක්ෂා කිරීමේදි ඇගේ ගමන් මළු තුළ මෙම මත්ද්‍රව්‍ය තොගය තිබී හමුව ඇත. රේගු නිලධාරීන් පැවසුවේ සොයා ගන්නා ලද මත්ද්‍රව්‍ය තොගයේ මුළු බර කිලෝග්‍රෑම් 46ක් වන අතර මෙහි වීදි වටිනාකම රුපියල් මිලියන 460කට ආසන්න වන බවය.

සැකකාරිය හා මත්ද්‍රව්‍ය තොගය වැඩිදුර පරීක්ෂණ කටයුතු සඳහා මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය වෙත භාර දීමට පියවර ගත් බවත් රේගු නිලධාරීන් පැවසුවේය.

රම්බොඩ බස් අනතුරට හේතුව මෙන්න

රම්බොඩ බස් අනතුරට හේතුව මෙන්න

ReeCha