රම්බොඩ බස් අනතුරට හේතුව මෙන්න

By Mithu May 12, 2025 12:49 PM GMT
Report

මේ වන විට නුවරඑළිය ප්‍රධාන මෝටර් රථ පරීක්ෂකවරයා වන ජාලිය බණ්ඩාර විසින් අනතුර සිදු වූ ස්ථානයේ මූලික ස්ථානීය පරීක්ෂණය සිදුකර තිබේ. මේ අනතුර සිදුවූ අවස්ථාවේදී ඒත් එක්කම බස් එක ඉස්සරහෙන් ලොකු ශබ්දයක් ඇවිල්ලා තියෙනවා. ඒත් එක්කම ශබ්දයත් එක්ක බස් එක ඇල වෙලා තියෙනවා කියලා කියනවා කණ්ඩිය පැත්තට.

ජනප්‍රිය තරුවක් ජීවිතයට සමුදෙයි

ජනප්‍රිය තරුවක් ජීවිතයට සමුදෙයි

ඒ අනුව හේතු කාරණා විමර්ශනය කිරීමේදී බස් රථයේ ප්‍රමාණය ඉක්මවූ පිරිසක් ගමන් කිරීම, අධික වෙහෙස හේතුවෙන් රියදුරුට නින්ද යාම අනතුරට හේතුවන්නට ඇති බවට සැකපළ කෙරෙන බව නුවරඑළිය දිස්ත්‍රික් ප්‍රධාන මෝටර් රථ පරීක්ෂක ජාලිය බන්ඩාර මහතා සඳහන් කළේය. කෙසේවෙතත් සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ කමිටුවක් හරහා මේ වනවිට පුළුල් විමර්ශන සිදුකෙරෙන බව ඔහු පැවසීය. ඉන් අනතුරුව අනතුරට හේතුවූ නිශ්චිත කරුණු අනාවරණය වනු ඇති බව ජාලිය බන්ඩාර මහතා සඳහන් කළේය.

කතරගම සිට කුරුණෑගල දක්වා 300Km ආසන්න දුරක් ගෙවා යන මේ බස් රථය රියදුරු පැය 9ක් පමණ ධාවනය කළ යුතු හෙයින් රියැදුරන්ට පැය 4.5ක ධාවන කාලයෙන් පසු ලැබෙන විවේක කාලය මේ රියැදුරාට ලැබුණේ ද යන්න ගැන සහ රියදුරු විඩාවට පත් වී සිටියේ ද යන්න ගැන ද විමර්ශනවල අවධානය යොමුව ඇත.. කෙසේ නමුත් අවසානයේ මේ අවාසනාවන්ත සිදුවීම නිසා විසි දෙදෙනකුට ජීවිතය අහිමි වුණා.ඔවුන් සියලුම දෙනාට නිවන් සුව.

අද කොළඹ වෙසක් බලන්න එන බන්ඩලාට මෙන්න විශේෂ තොරතුරු ටිකක්

අද කොළඹ වෙසක් බලන්න එන බන්ඩලාට මෙන්න විශේෂ තොරතුරු ටිකක්