උසස් පෙළ ඉහලින් සමත් නම් රජයෙන්ම නොමිලේම සංවර්ධිත රටකට යන්න නියම චාන්ස් එකක්

Report

අග්‍රාමාත්‍ය අචාර්ය හරිනි අමරසූරිය පැවසුවේ රටේ සාර්ථක ගොඩනැගීම සඳහා අධ්‍යාපනයට කරන ආයෝජන ශක්තිමත් කර, දියුණු මානව සම්පත් නිර්මාණය කිරීම අත්‍යවශ්‍ය බවයි.

මේ අරමුණ සඳහා 2024 උසස් පෙළ විභාගයේ විශිෂ්ට ලකුණු ලබා ඇති සිසුන්ට ලෝකයේ උසස් පෙළේ විශ්වවිද්‍යාලවල පළමු උපාධිය ලබාගැනීමට අවස්ථාව ලබාදීමේ ශිෂ්‍යත්ව වැඩසටහනක් සකස් කර ඇති අතර, එහි සමාරම්භක උත්සවය ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යාංශ පරිශ්‍රයේදී පැවැත්විණි.

මෙම වැඩසටහන සඳහා රුපියල් මිලියන 4,001 ක මුදලක් ආයෝජනය කිරීමට නියමිත අතර, 2025 සිට 2033 දක්වා කාලය තුළ සමස්ත සිසුන් 200 දෙනෙකුට විදේශ ශිෂ්‍යත්ව ලබාදීමට සැලසුම් කර ඇත.

2025/26 අධ්‍යයන වර්ෂය සඳහා සිසුන් තිස් දෙනෙකු තෝරාගෙන ඇති අතර, එයින් 9 දෙනෙකු ඕස්ට්‍රේලියාවේ සිඩ්නි, මෙල්බර්න්, මොනෑෂ් සහ නවසීලන්තයේ ඕක්ලන්ඩ් වැනි ලෝකයේ උසස් පෙළේ විශ්වවිද්‍යාලවලට ඇතුළත් වී ඇත.

මේ රටවල්වලට යන්න නොමිලේ වීසා - කිසිදු ගාස්තුවක් අය නොකරේ

මේ රටවල්වලට යන්න නොමිලේ වීසා - කිසිදු ගාස්තුවක් අය නොකරේ

ශිෂ්‍යත්ව සඳහා සිසුන් තෝරා ගැනීමේදී දැඩි විනිවිදභාවයෙන් යුතු ක්‍රමවේදයක් අනුගමනය කර ඇති අතර, QS, THE හෝ ARWU වැනි ලෝක ශ්‍රේණිගත කිරීම්වල මුල් 500 දක්වා ඇතුළත් විශ්වවිද්‍යාලවල අධ්‍යාපනය ලබාදීම අනිවාර්ය කර ඇත.

තෝරාගත් එක් සිසුවකු සඳහා වසරකට උපරිම රුපියල් මිලියන 20ක්, වසර හතරක සම්පූර්ණ උපාධි කාලය සඳහා රුපියල් මිලියන් 80ක් වෙන් කර ඇති බවද සඳහන් වේ.

හතර වටින් ගහගද්දී ඉතියෝපියාවටත් දරුණු තත්ත්වයක් - පුද්ගලයින් 128 දක්වා අතුරුදහන්

හතර වටින් ගහගද්දී ඉතියෝපියාවටත් දරුණු තත්ත්වයක් - පුද්ගලයින් 128 දක්වා අතුරුදහන්

මෙම ව්‍යාපෘතිය රටේ අනාගත මානව සම්පත් වර්ධනය කිරීමට, දේශීය තරුණ ශක්තියට ලෝක විශ්ව විද්‍යාල මට්ටමේ අධ්‍යාපනය ලබාදීමට, සහ රටේ සාර්ථකත්වයට විශාල දායකත්වයක් වශයෙන් සැලකෙයි.