ජනාධිපතිවරණ නිරික්ෂණ කටයුතු වෙනුවෙන් යුරෝපා සංගමයේ සහ පොදුරාජ්‍ය මණ්ඩලයීය නිරික්ෂකයන්ට අවසර..
එළැඹෙන ජනාධිපතිවරණය සඳහා නිරික්ෂණ කටයුතු වෙනුවෙන් යුරෝපා සංගමයේ සහ පොදුරාජ්‍ය මණ්ඩලයීය නිරික්ෂකයන්ට අවසර ලබා දී ඇති බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක පැවසීය .
මේ අතර මෙවර ජනාධිපතිවරණය වෙනුවෙන් ඇප මුදල් තැන්පත් කර ඇති සංඛ්‍යාව 29 ක් දක්වා ඉහළ ගොස් තිබේ .
එමෙන්ම ජනාධිපතිවරණයට අදාළව මේ දක්වා පැමිණිලි 320 ක් ලැබී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කර තිබේ .