කොළඹින් නරක ආරංචියක් - රුපියල් බිලියන 3.03ක දැවැන්ත ශුද්ධ විදේශීය ගලායෑමක්

Report

ඉකුත් 26 වැනිදා කොළඹ කොටස් වෙළෙඳපොළ තුළ කැපී පෙනෙන විදේශීය කොටස් අලෙවියක් වාර්තා වී ඇත. ඒ රුපියල් බිලියන 3.03ක දැවැන්ත ශුද්ධ විදේශීය ගලායෑමක් සටහන් කරමිනි.

ඒ අනුව එදින වෙළෙඳපොළේ සමස්ත ගනුදෙනු පිරිවැටුම රුපියල් බිලියන 4.92 ක් වශයෙන් ඉහළ අගයක් ගෙන ඇත. එහිදී දේශීය ආයෝජකයින් සක්‍රීය වශයෙන් දායකත්වය සපයා ඇත.

ඒ අනුව දේශීය මිලදී ගැනීම් රුපියල් බිලියන 4.87 ක් වශයෙන් වාර්තා වන විට, දේශීය විකිණුම් සටහන් වූයේ රුපියල් බිලියන 1.84 ක් වශයෙන්.

තෙල් වෙළඳපොළේ අවදානම පහව නොයයි - ඉන්ධන මිල ඉහළ දමමින් ඉරාන බද්දක්

තෙල් වෙළඳපොළේ අවදානම පහව නොයයි - ඉන්ධන මිල ඉහළ දමමින් ඉරාන බද්දක්

කෙසේ වුවද විදේශීය ආයෝජකයින්ගේ මිලදී ගැනීම් රුපියල් මිලියන 48 ක් වැනි ඉතා පහළ මට්ටමකට සීමා වූ අතර, ඊට සාපේක්ෂව රුපියල් බිලියන 3.08 ක දැවැන්ත විදේශීය විකිණුම් ප්‍රමාණයක් වාර්තා වීම විශේෂත්වයකි.

මෙම තත්ත්වය හේතුවෙන් සමස්ත දෛනික තත්ත්වය දැඩි ශුද්ධ පිටතට ගලායෑමක් වශයෙන් සටහන් වී තිබෙනවා.

එයට හේතු වී ඇත්තේ සොෆ්ට්ලොජික් ලයිෆ් ඉන්ෂුවරන්ස් සමාගමේ මුල් පෙළේ විදෙස් කොටස්කරුවකු විසින් සිය කොටස් හිමිකාරීත්වයෙන් කොටසක් අලෙවි කර තිබීම බව සඳහන්.

ලංකාවම බලන් සිටි IMF තීරණය ලබා දෙයි - අ. ඩොලර් මිලියන 695ක වාරිකය දීමට අනුමැතිය

ලංකාවම බලන් සිටි IMF තීරණය ලබා දෙයි - අ. ඩොලර් මිලියන 695ක වාරිකය දීමට අනුමැතිය

වෙසක් මැද සුබ ආරංචියක් - හෙට සිට අස්වැසුම වැඩිහිටි දීමනා බැංකු ගිණුම් වෙත

වෙසක් මැද සුබ ආරංචියක් - හෙට සිට අස්වැසුම වැඩිහිටි දීමනා බැංකු ගිණුම් වෙත