තෙල් වෙළඳපොළේ අවදානම පහව නොයයි - ඉන්ධන මිල ඉහළ දමමින් ඉරාන බද්දක්

Report

ඇමෙරිකාව සහ ඉරානය අතර හටගෙන ඇති යුදමය වාතාවරණය නිසා සාමාන්‍ය ඇමෙරිකානු නිවෙස්වලට දැඩි ආර්ථික බරක් පැටවී ඇති බවත්, එහි බලපෑම තවත් මාස හෝ වසර ගණනාවක් පැවතිය හැකි බවටත් ආර්ථික විද්‍යාඥයෝ අනතුරු අඟව‍යි.

ඒ අනුව ඉකුත් පෙබරවාරි 28 වැනිදා ආරම්භ වූ මෙම යුදමය තත්ත්වය මාස තුනකට ආසන්න කාලයක් තිස්සේ ඇදී යන අතර, විදේශීය තර්ජනවලින් ආරක්ෂා වීමට ඉරාන ආරක්ෂක අංශ විසින් හෝර්මුස් සමුද්‍ර සන්ධියේ ආරක්ෂාව තර කිරීමට පියවර ගෙන තිබෙනවා.

එසේම මෙම තත්ත්වය හමුවේ ලෝක වෙළඳපොළේ ඉන්ධන මිල ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති අතර, එය ඇමෙරිකානු ජනතාවට සෘජු ආර්ථික පහරක් වී ඇත. මේ අතර විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණේ, ගැටුම් ආරම්භ වීමට පෙර ගැලුමකට ඩොලර් 3කට අඩුවෙන් පැවති සාමාන්‍ය පිරිපහදු කළ ගැසොලින් මිල මේ වන විට ඩොලර් 4.49 දක්වා ඉහළ ගොස් තිබෙන බවයි.

සාමය දෙපිටින් යයි - යුද ගිනි අවුලවමින් ඉරානයේ හමුදා කඳවුරකට අමෙරිකාවෙන් යළිත් ප්‍රහාර

සාමය දෙපිටින් යයි - යුද ගිනි අවුලවමින් ඉරානයේ හමුදා කඳවුරකට අමෙරිකාවෙන් යළිත් ප්‍රහාර

ඊට අමතරව ඩීසල් මිල 50% කට වඩා වැඩි වී ඇති අතර, එමඟින් ප්‍රවාහන, ආහාර සහ පාරිභෝගික භාණ්ඩවල පිරිවැය ද ඉහළ ගොස් සැපයුම් දාමයන්ට දැඩි බලපෑම් එල්ල වී තිබෙනවා.

ඒ අනුව පර්යේෂකයන් ඇස්තමේන්තු කර ඇති ආකාරයට යුද්ධය ආරම්භ වූ දා සිට මේ දක්වා ඇමෙරිකානු පාරිභෝගිකයන්ට ඉන්ධන වෙනුවෙන් පමණක් ඩොලර් බිලියන 48කට ආසන්න අතිරේක පිරිවැයක් දැරීමට සිදුව ඇත.

අඳාළ වාර්තා පෙන්වා දෙන්නේ ජෙට් ඉන්ධන, පොහොර සහ රසායනික ද්‍රව්‍යවල මිල ඉහළ යාම ද සැලකිල්ලට ගත් විට, එක් ඇමෙරිකානු නිවසකට මසකට ඩොලර් 364 සිට 410 දක්වා අතිරේක බරක් පැටවෙන බවයි.

නිරිතදිග ප්‍රදේශවල දැනට පවතින වැසි තත්ත්වය ගැන කාලගුණයෙන් නිවේදනයක් - 1න් පසු තත්ත්වය දරුණුයි

නිරිතදිග ප්‍රදේශවල දැනට පවතින වැසි තත්ත්වය ගැන කාලගුණයෙන් නිවේදනයක් - 1න් පසු තත්ත්වය දරුණුයි

එමෙන්ම ඇමෙරිකානු කම්කරු දෙපාර්තමේන්තුවේ නවතම පාරිභෝගික මිල දර්ශකයට අනුව, 2023 වසරෙන් පසු පළමු වතාවට උද්ධමනය වැටුප් වර්ධන වේගය අභිබවා ගොස් තිබෙනවා.

මේ නිසා මෑතකදී සිදුකළ වැටුප් වැඩිවීම්වල සැබෑ ප්‍රතිලාභය ජනතාවට අහිමි වී ඇත.

එසේම මිචිගන් විශ්වවිද්‍යාලයේ සමීක්ෂණයකට අනුව පාරිභෝගික උද්ධමන අපේක්ෂාව 4.8% දක්වා ඉහළ ගොස් තිබෙන අතර, කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ද සඳහන් කරන්නේ භාණ්ඩ රැසක මිල ගණන් තවදුරටත් ඉහළ යා හැකි බවයි.

මේ අතර ප්‍රමුඛ පෙළේ ඇමෙරිකානු ආර්ථික විද්‍යාඥයන් මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් සඳහන් කර සිටියේ මෙහි දිගුකාලීන ප්‍රතිවිපාක ඉතා දරුණු විය හැකි බවයි. මිචිගන් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ජස්ටින් වුල්ෆර්ස් (Justin Wolfers) සඳහන් කරන්නේ ඇමෙරිකානුවන්ට මෙම "ඉරාන බද්ද" තවත් මාස හෝ වසර ගණනාවක් විඳීමට සිදුවනු ඇති බවයි.

මුස්ලිම් බැතිමතුන් මහත් හරසරින් සමරන හජ් උත්සවය අදයි - සියලුම ප්‍රධාන පල්ලිවලට විශේෂ පොලිස් ආරක්ෂාවක්

මුස්ලිම් බැතිමතුන් මහත් හරසරින් සමරන හජ් උත්සවය අදයි - සියලුම ප්‍රධාන පල්ලිවලට විශේෂ පොලිස් ආරක්ෂාවක්

එමෙන්ම යුද්ධය වහාම අවසන් වුවද, ඉරානය විසින් හෝර්මුස් සමුද්‍ර සන්ධිය ආරක්ෂා කිරීමට ඇති හැකියාව තහවුරු කර ඇති බැවින් තෙල් වෙළඳපොළේ පවතින අවදානම පහව නොයන බව මූඩීස් ඇනලිටික්ස් හි මාර්ක් සැන්ඩි පෙන්වා දෙයි.

තවද බ්‍රවුන් විශ්වවිද්‍යාලයේ මාර්ක් බ්ලයිත් සඳහන් කරන්නේ ප්ලාස්ටික්, රසායනික ද්‍රව්‍ය සහ පොහොර සැපයුම යථා තත්ත්වයට පත් කිරීමට වසරක පමණ කාලයක් ගතවිය හැකි බවයි.

කෙසේ වුවද ට්‍රම්ප් පරිපාලනය තවදුරටත් සුභවාදී ප්‍රකාශ සිදුකරමින් සිටින අතර ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නැවත නැවතත් පවසන්නේ ඇමෙරිකාවේ මිලිටරි අරමුණු සාක්ෂාත් කරගත් පසු මිල ගණන් ශීඝ්‍රයෙන් පහත වැටෙනු ඇති බවටයි.

විචාරකයෝ කියා සිටින්නේ ජාතික ආර්ථික කවුන්සිලයේ අධ්‍යක්ෂ කෙවින් හැසෙට් ද අතුරු මැතිවරණයට පෙර සහනයක් ලැබෙනු ඇති බවට ඉඟි කර ඇතත්, එම ප්‍රකාශ සැබෑ ආර්ථික යථාර්ථයෙන් බැහැර වී ඇති බවටයි.

එසේම ඉරාන පාර්ශවය අවධාරණය කර ඇත්තේ විදේශීය සම්බාධක සහ මිලිටරි ප්‍රකෝප කිරීම් හමුවේ වුවද තමන් සිය භූමිය සහ ස්වෛරීභාවය ආරක්ෂා කරන බවයි.

ඒ අනුව ඔවුන් පෙන්වා දෙන්නේ වොෂින්ටනයේ අස්ථාවර ප්‍රතිපත්ති නිසා පර්සියානු ගල්ෆ් කලාපයේ ඇතිව තිබෙන මෙම තත්ත්වයේ සැබෑ පිරිවැය අවසානයේ ඇමෙරිකානු ජනතාවටම දැරීමට සිදුව තිබෙන බවයි.

තත්ත්වය දරුණුයි - ලංකාවම අනතුරේ - මාරාන්තික වෛරසය ඉන්දියාවටත්?

තත්ත්වය දරුණුයි - ලංකාවම අනතුරේ - මාරාන්තික වෛරසය ඉන්දියාවටත්?

මේ පාර වෙසක් එකට බත් දන්සල්වලට යන්න හිතන් හිටපු අයට නරක ආරංචියක් - ගියත් මේවා විතරයි

මේ පාර වෙසක් එකට බත් දන්සල්වලට යන්න හිතන් හිටපු අයට නරක ආරංචියක් - ගියත් මේවා විතරයි