ආයේ ඩොක්ටලා ඕනි නෑ විශේෂ ලෙඩක් ෆෝන් එකෙන්ම චෙක් කරගන්න මෙන්න අලුත් ඇප් එකක්
ලෝකයේ පළමු වරට, තමන්ගේම මානසික ආතති මට්ටම මැන ගැනීමට හැකි ජංගම දුරකථන යෙදුමක් ශ්‍රී ලංකාවේ වෛද්‍යවරුන් කණ්ඩායමක් විසින් නිර්මාණය කර තිබේ.
ඒ අනුව “Nirogi” ලෙස නම් කරන ලද මෙම යෙදුම, භාවිතා කරන්නාට අවශ්‍ය භාෂාව තෝරාගෙන අසන ප්‍රශ්නවලට පිළිතුරු ලබා දීමෙන් තමන්ගේ මානසික ආතති මට්ටම ස්වයංක්‍රීයව මැන ගැනීමට හැකිවේ.
මෙහිදී, ලැබෙන ලකුණු මත පදනම්ව ආතති මට්ටම සාමාන්‍ය, සුළු, තරමක් ඉහළ, හෝ තීව්‍ර (උග්‍ර) ලෙස වර්ගීකරණය කර නිගමනය ලබා දේ. සුළු ආතති මට්ටමක් පෙන්වන පුද්ගලයින්ට, සති දෙකකට පසු යළි යෙදුම භාවිතා කර ආතති මට්ටම නැවත මැන බැලීම නිර්දේශ කර ඇත.
තරමක් ඉහළ ආතති මට්ටමක් පෙන්වන්නේ නම්, ඔවුන්ට 1926 අංකයට අමතා උපදෙස් ලබා ගැනීම හෝ මනෝ වෛද්‍ය උපදෙස් ලබා ගත යුතුය. තීව්‍ර හෝ බරපතළ තත්ත්වයන්හි පවතින අය වහාම මනෝ වෛද්‍ය උපදෙස් ලබා ගැනීමට යොමු විය යුතු බවද සඳහන් වේ.
මෙම යෙදුම මගින්, පුද්ගලයෙකුට තමන්ගේ ආතති මට්ටම විශාදය දක්වා උසස් වී ඇතිදැයි පහසුවෙන් තීරණය කළ හැකි අතර, දිගින් දිගටම පවතින ආතතියක් විශාදයට පත් වීමේ දැඩි අවදානමක් ඇති බවද විශේෂඥවරුන් අවධාරණය කරති.
මෙම Nirogi යෙදුම නිර්මාණය කළේ මනෝ වෛද්‍ය විශේෂඥ දසන්ති අක්මීමන, වෛද්‍ය ආර්. නිරංජන්, වෛද්‍ය පාරමී රත්නායක (ශ්‍රී ලංකා මනෝ වෛද්‍ය විශේෂඥවරුන්ගේ සංගමයේ ජ්‍යෙෂ්ඨ ලේඛකාධිකාරිනිය), සහ වෘත්තීය චිකිත්සක චාරුක යන සිව්දෙනා විසිනි.
මෙම යෙදුම ජනගත කිරීම සිදුවූයේ ඔක්තෝබර් 17 දින කොළඹ 8, මොඩන් ෆාම්හි ප්‍රසව හා නාරිවේද විශේෂඥවරුන්ගේ විද්‍යායතන මූලස්ථානයේදීය.