විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් විශේෂ නිවේදනයක්.

Sri Lanka
By krishani Jul 26, 2023 03:48 PM GMT
krishani

krishani

Report

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් විදේශ රැකියා සඳහා පිටත්ව යාමට අපේක්ෂා කරන දරුවන් සිටින කාන්තාවන් සඳහා නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අවුරුදු 2-18 අතර ළමුන් සිටින කාන්තාවන් විදේශ ගතවීමේ දී අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාල මගින් නිකුත් කරන ලද DS4 ලේඛනය ඉදිරිපත් කළ යුතු බවටයි.

කාන්තාවන්ට ඔවුන්ගේ රැකියා ඉල්ලුම්පත්‍ර ප්‍රදේශයේ ග්‍රාම සේවක නිලධාරියා සහ පිළිගත් නොතාරිස්වරයා විසින් සහතික කළ හැකි නම් පමණක් එම DS4 ලේඛනය නිකුත් කරනු ලබයි.

එමෙන්ම එම කාන්තාවන්ගේ දරුවන්ගේ ආරක්ෂාව සහ අධ්‍යාපන විධිවිධාන පිළිබඳ භාරකරුවන් විසින් සහතික කරන ලියකියවිලි ලබා දීමට ද සිදුවන බව වාර්තා වේ.

ReeCha