දරුණු ඉන්ෆ්ලුවෙන්සා වෛරසයක් පැතිරෙයි - දරුවන් ආරක්ෂා කර ගැනීමට පියවර
By Ashfa
ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ සීඝ්‍රයෙන් පැතිර යන දරුණු ඉන්ෆ්ලුවෙන්සා වෛරස ප්‍රභේදයෙන් තම දරුවන් ආරක්ෂා කර ගැනීමට පියවර ගන්නා ලෙස ප්‍රාන්ත බලධාරින් දෙමාපියන්ට දැනුම් දී ඇත.
මෙම ප්‍රාන්තයේ ප්‍රධාන සෞඛ්‍ය නිලධාරිවරිය කියා සිටියේ වයස අවුරුදු 5ට අඩු දරුවන්ට මෙම රෝග ලක්ෂණ දරුණු ලෙස බලපෑ හැකි බවයි.
පසුගිය වසරේදී ඉන්ෆ්ලුවෙන්සා රෝගය වැළඳීමෙන් වික්ටෝරියා ප්‍රාන්තයේ පුද්ගල මරණ 1,738ක් වාර්තා විය.