ෆ්ලොරීඩා කැළඹු ඉඩාලියා
By Hashini
ඇමරිකාවේ ෆ්ලොරීඩා ප්‍රාන්තයට ඉඩාලියා සුළි කුණාටුවෙන් දැඩි බලපෑමක් එල්ල වී තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ කියුබාවේ සිට පැයට කිලෝමීටර 215ක වේගයෙන් මෙම කුණාටුව ෆ්ලොරීඩා ප්‍රාන්තයට ඇතුළු වී ඇති බවයි.
එම ප්‍රදේශයේ මුහුදු රළ අඩි 20ක් පමණ උසකින් වෙරළට පැමිණ තිබෙනවා.
එම ප්‍රාන්තයේ ජනතාවට ආරක්ෂක ස්ථාන වෙත ගමන් කරන ලෙස දැනුවත් කර ඇති අතර, කුණාටුව හේතුවෙන් සිදුව ඇති හානි සම්බන්ධයෙන් තොරතුරු වාර්තා වී නැහැ.