ඇල්ලුව තරහට විස්කි බෝතලුත් පොළේ ගහලා

By Kaushi May 08, 2025 04:52 AM GMT
Report

කටුනායක ගුවන් තොටුපොළෙහි රේගු නිලධාරීන්ගේ රාජකාරී කටයුතුවලට බාධා වන අයුරින් හැසිරුණු ගුවන් මගියකු ලබන 9 වන දින තෙක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට ගුවන් තොටුපොළ පොලිසිය විසින් පියවර ගෙන තිබෙනවා.

මෙම පුද්ගලයා තම ගමන් මලු තුළ නීතිවිරෝධී ලෙස මෙරටට විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් සහ ගෙන ආ හැකි ප්‍රමාණය ඉක්මවූ විස්කි බෝතල් තොගයක් ද රැගෙන පැමිණ තිබේ.

එම අවස්ථාවේ දී රේගු නිලධාරීන් විසින් එම භාණ්ඩ සිය භාරයට ගැනීමට කට‍යුතු කොට ඇත.

එහි දී ඔහු විසින් රැගෙන ආ බෝතල් පොළොවේ ගසමින් රේගු නිලධාරීන්ගේ රාජකාරියට බාධා වෙන අයුරින් කලහකාරී ලෙස හැසිර තිබෙනවා.

ඒ අනුව රේගු නිලධාරීන්ගේ තොරතුරු මත අඳාළ පුද්ගලයාව අත්අඩංගුවට ගැනීමට කටුනායක ගුවන් තොටුපොළ පොලිසිය කටයුතු කර ඇත.

විදුලි ගාස්තු සංශෝධනය ළඟ ළඟම

විදුලි ගාස්තු සංශෝධනය ළඟ ළඟම

අත්අඩංගුවට ගත් මගියා ඩුබායි හරහා ගමන් ගත් ෆ්ලයි ඩුබායි ගුවන් සේවයේ එෆ්.ඉසෙඩ්. 579 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ ඇත.

ඔහු මෙසේ පැමිණ ඇත්තේ ඉතාලියේ රැකියාවක නිරත වී සිටයි. අඳාළ මගියා වයස අවුරුදු 44 ක පුද්ගලයෙක් බව වාර්තා වේ.

එසේම ඔහු මාතර, තුඩාව ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බව ද සඳහන්.

අද ස්ත්‍රී අයට සුබපල ගෙනදෙන සියල්ලන්ගේ හිත දිනා ගැනීමට සමත් වෙන වාසනාවන්ත යෝගයක්!

අද ස්ත්‍රී අයට සුබපල ගෙනදෙන සියල්ලන්ගේ හිත දිනා ගැනීමට සමත් වෙන වාසනාවන්ත යෝගයක්!

අඳාළ ගුවන් මගියා දණ්ඩ නීති සංග්‍රහයේ 344 වගන්තිය යටතේ රාජකාරිය ඉටු කිරිමට නොදී අඩන්තේට්ටම් කිරීම යන චෝදනා මත මීගමුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබුණා.

එහි දී ඔහුට ලබන 9 වැනි දින තෙක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර තිබෙනවා.