පාසල් සිසුන් 5දෙනෙක්ට මරණ දණ්ඩනය

Report

බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස් ජගත් වීරසිංහ මහතා විසින් මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් එල්ලා මැරිය යුතු බවට ප්‍රකාශ කරයි.

ඒ අනුව ඔහු පෙන්වා දෙන්නේ මෙරට අනාගත පරපුර මත්ද්‍රව්‍ය විනාශ කරමින් සිටින බවයි.

ඔහු මෙම අදහස් පළ කළේ නාවලපිටිය ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින්.

15 හැවිරිදි දරුවෙකුට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් - හේතුව මෙන්න

15 හැවිරිදි දරුවෙකුට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් - හේතුව මෙන්න

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් බන්ධනාගාර කොමසාරිස්වරයා සඳහන් කළේ,

"එල්ලා මරන්න නියමිත පිරිමි ඉන්නවා බන්ධනාගාරය තුළ 805ක්. එල්ලා මරන්න නියමිත ගැහැනු ඉන්නවා 21ක් ඉන්නවා. 805න්, එල්ලා මරන්න නියමිත පාසල් සිසුන් 5දෙනෙක් ඉන්නවා. දකුණ තමයි පාතාල ක්‍රියාකාරකම්වලින් අංක එකට ඉන්නේ. මට හිතාගන්න බැරි මෙච්චර උගත් සමාජයක් කොහොමද කුළියට මිනී මරණ සමාජයක් බවට පරිවර්තනය වුණේ. කොහොමද මහා පරිමාණයෙන් මත්ද්‍රව්‍ය ගෙනල්ලා මේ රට වනසන තැනට ඒ මිනිස්සු ගෙනාවේ. ඒ හැමදේකටම මුල මේ රටේ මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෝ. අනිවාර්යයෙන්ම එල්ලා මැරිය යුතුයි. මොකද ඔවුන් විනාශ කරන්නේ ජාතියක්. ඒ නිසා නිරන්තරයෙන් මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයෝ එල්ලා මැරිය යුතුමයි. ඒක පවක් නැහැ."යනුවෙන්.  

මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම ගැන ඇමති නලින්ද ජයතිස්සෙගෙන් තීරණයක්

මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම ගැන ඇමති නලින්ද ජයතිස්සෙගෙන් තීරණයක්

කොළඹට විශේෂ නිවේදනයක්

කොළඹට විශේෂ නිවේදනයක්