දෙවියනේ මත්පැන් යැයි සිතා ආගන්තුක දියරක් පනය කළ පස් දෙනෙක් මරුට
වෙන්නප්පුව මාරවිල ප්‍රදේශයේ නීතිවිරෝධී මත්පැන් බවට සැකකෙරෙන දියරයක් පානය කිරීමෙන් පුද්ගලයින් කිහිපදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ.
එම සිද්ධියට අදාළව පුද්ගලයින් තිදෙනෙකුගේ මළ සිරුරු නිවසක් තුළ තිබියදී සොයාගෙන තිබේ. ඊට අමතරව අසාධ්‍ය තත්ත්වයෙන් සිටි තවත් පුද්ගලයින් දෙදෙනෙකු වෙන්නප්පුව රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇත.
මෙම මරණ නීතිවිරෝධී මත්පැන් පානය කිරීම හේතුවෙන් සිදුව ඇති බවට සැක කෙරෙන අතර, සිද්ධිය සම්බන්ධයෙන් මාරවිල පොලීසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකරමින් පවතී.