හදිසි තත්ත්වයක් - රට තුළ ගංවතුර තත්ත්වයක් - ජනතාවට හා රියදුරන්ට වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්

Report

මහවැලි ගඟ අවට පහත්බිම් සඳහා සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව අනතුරු අඟවා ඇත. මහවැලි ගංගාවේ ඉහළ ධාරා ප්‍රදේශයට පසුගිය පැය කිහිපය තුළ අධික වර්ෂාපතනයක් ලැබී ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත.

ඒ අනුව පස්බාගේ කොරළය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මහවැලි ගඟ අවට පහත්බිම් ප්‍රදේශවෙත සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ අවදානමක් පවතින බවද එම දෙපාර්තමේන්තුව දැනුම් දී ඇත.

මේ දිස්ත්‍රික්ක සඳහා නායයෑම් අනතුරු ඇඟවීමේ නිකුත් කෙරේ - හෙට සවස 7 දක්වා වලංගු වන අනතුරු ඇඟවීම මෙන්න

මේ දිස්ත්‍රික්ක සඳහා නායයෑම් අනතුරු ඇඟවීමේ නිකුත් කෙරේ - හෙට සවස 7 දක්වා වලංගු වන අනතුරු ඇඟවීම මෙන්න

මේ හේතුවෙන් එම ප්‍රදේශවල වෙසෙන ජනතාවගෙන් හා ඒ හරහා වැටී ඇති මාර්ග භාවිත කරන රියදුරන්ගෙන් මේ පිළිබඳව දැඩි සැලකිල්ලෙන් යුතුව කටයුතු කරන මෙන් එම දෙපාර්තමේන්තුව දැනුම් දී ඇත.

තවද එම ප්‍රදේශවල මහවැලි ගඟට ආසන්නව පදිංචි මහජනතාවද මේ සම්බන්ධව අවදානයෙන් පසුවන ලෙසත් ඇතිවිය හැකි ගංවතුර තත්ත්වයකින් ආරක්ෂාවීමට කටයුතු කරන ලෙසත් එම දෙපාර්තමේන්තුව අදාළ නිවේදනය මගින් වැඩිදුරටත් සඳහන් කර තිබේ.

ලංකාවේ මුහුදු ප්‍රදේශ කැළඹෙයි - මුහුදු රළ මීටර 2කට උඩින් එයි - ධීවර හා නාවුක ප්‍රජාවට දැනුම්දීමක්

ලංකාවේ මුහුදු ප්‍රදේශ කැළඹෙයි - මුහුදු රළ මීටර 2කට උඩින් එයි - ධීවර හා නාවුක ප්‍රජාවට දැනුම්දීමක්