ශ්‍රී ලංකා සහ ඉන්දීය ධීවරයින් අතර මෙරට මුහුදේ දී ගැටුමක්.. පාලනයට වහාම හමුදාවත් කැඳවයි..

Sri Lanka Jaffna Attack Indian
By Aruna Feb 01, 2022 05:21 AM GMT
Aruna

Aruna

Report

යාපනය - පේදුරුතුඩුව ප්‍රදේශයේදී ශ්‍රී ලාංකික සහ ඉන්දීය ධීවරයින් අතර ගැටුමක් හටගෙන තිබෙනවා.

නීතිවිරෝධී ධීවර කටයුතුවල නිරත වූ ඉන්දියාවේ සිට පැමිණි ධීවර යාත්‍රාවක් යාපනයේ ධීවරයින් පිරිසක් විසින් ඊයේ රාත්‍රීයේ වටලා තිබෙනවා.

ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා ප්‍රකාශ කළේ, එම තත්ත්වයත් සමඟ මුහුදු ප්‍රදේශවල නොසන්සුන්තාවක් හටගෙන ඇති බවයි.

ඒ පිළිබඳව තමාට දැනුම් දීමෙන් පසු තමන් සිද්ධිය වූ ස්ථානයට පැමිණි බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

ශ්‍රී ලංකා ධීවරයින් ඉන්දීය ටග් යාත්‍රා අල්ලා ගැනීමට උත්සාහ කිරීමත් සමඟ මුහුදේ නොසන්සුන්තාව ඇතිවී තිබෙන බවටයි වාර්තා වන්නේ.

සිද්ධිය වූ ස්ථානයට පැමිණි ධීවර අමාත්‍යවරයා නාවික හමුදා නිලධාරීන් එම ස්ථානයට කැඳවා ඇත.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now