මේ අයට ඉන්ධන ගන්නනම් Online තොරතුරු පත්‍රිකාවක් ඉදිරිපත් කරන්න වෙයි - අලුත්ම නීතිය මෙන්න
ධීවර, ජලජ සම්පත් සහ සාගර සම්පත් අමාත්‍යංශයේ ලේකම් බී.කේ.කෝලිත කමල් ජිනදාස මහතා පවසන්නේ ධීවර ක්ෂේත්‍රයට අවශ්‍ය ඉන්ධන තොග කළමනාකරණය කරමින් ධීවර ප්‍රජාවට ලබා දීමට කටයුතු කරන බවත් ඒ සඳහා මාර්ගෝපදේශ නිකුත් කර ඇති බවත්ය.
අද (30) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති විශේෂ මාධ්‍ය සාකච්ඡාවකට සහභාගී වෙමින් ඔහු වැඩිදුරටත් පවසා සිටියේ ධීවර අමාත්‍යංශය යටතේ බහුදින ධීවර යාත්‍රා 5000කට ආසන්න ප්‍රමාණයක් සහ ඩීසල් භාවිත කරන එක්දින ධීවර යාත්‍රා 900ක් පමණ ලියාපදිංචි වී ඇති බවයි.
එම එක් බහුදින ධීවර යාත්‍රාවක් සඳහා ඩීසල් ලීටර 8000ක ප්‍රමාණයක් වරකට අවශ්‍ය වන බවත් අවශ්‍ය ඉන්ධන වරාය නීතිගත සංස්ථාවෙන් සපයන බවත් ඔහු පැවසුවේය. එහිදී බහුදින ධීවර යාත්‍රා සඳහා මාර්ගගත ක්‍රමයට පිටත්වීමේ තොරතුරු ඇතුළත් පත්‍රිකාවක් මුහුදු ගමනක් ආරම්භ කිරීමට පෙර ඉදිරිපත් කළ යුතු බවත් එම පත්‍රිකාවට අනුව අදාළ ධීවර යාත්‍රාවට අවශ්‍ය ඉන්ධන ප්‍රමාණය ප්‍රදේශයේ ධීවර පරීක්ෂක නිලධාරිවරයාගේ අනුමැතිය සහිතව ලබා දීමට කටයුතු කර ඇති බවත් ඔහු පැවසුවේය.
එසේම එක්දින ධීවර යාත්‍රා බොහොමයක් සඳහා භූමිතෙල් භාවිත කරන බව පෙන්වා දුන් ඒ මහතා මේ වනවිට එම යාත්‍රා 35,000ක් පමණ ලියාපදිංචි වී ඇති බවද පැවසුවේය. එම යාත්‍රාවල එන්ජිම පණ ගැන්වීම සඳහා පෙට්‍රල් ප්‍රමාණයක් අවශ්‍ය වන බව කී ඒ මහතා අවශ්‍ය වන පෙට්‍රල් ප්‍රමාණය සැළකීමෙන් අනතුරුව එක් පුද්ගලයකුට දිනකට පෙට්‍රල් ලීටර් 2ක් ලබා දෙන අතර අවශ්‍ය වන භූමිතෙල් ද අදාළ ප්‍රදේශයේ පවතින වරාය නීතිගත සංස්ථාවේ ලියාපදිංචි කර ඇති ඉන්ධන පිරවුම්හලකින් ලබා ගත හැකි බවද පැවසුවේය.
තවද ඉන්ධන ලබා ගැනීම සම්බන්ධයෙන් යම් ගැටලු පවතීනම් පැය 24 පුරා ක්‍රියාත්මක 011 - 4323389 සහ 011 - 4341067 යන දුරකතන අංකවලට ඇමතීමෙන් තොරතුරු ලබා ගත හැකි බවද ඔහු පැවසුවේය.