ෆයිසර් එන්නත පළමුවෙන්ම ලැබෙන පිරිස මෙන්න.

Sri Lanka American Fiser vaccines
By Aruna Jul 05, 2021 07:00 AM GMT
Aruna

Aruna

Report

ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ පළමු මාත්‍රාව ලබාගත් පුද්ගලයින් සඳහා දෙවන මාත්‍රාව ලෙස ෆයිසර් එන්නත පළමුවෙන් ලබාදීමට පියවරගන්නා බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පැවසීය.

අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් සඳහන් කළේ, "ලබන සතියේ තවත් මාත්‍රා 26,000ක්, තුන්වන සතියේ මාත්‍රා 60,000ක් සහ ජුලි 4වන සතියේ මාත්‍රා 90,000ක් ලෙස මෙම මස තුළ පමණක් ෆයිසර් එන්නත් මාත්‍රා ලක්ෂ 2ක් ලැබීමට නියමිතයි.

මෙම එන්නත සුවිශේෂී ශීතාගාර තත්ත්වයන් යටතේ (සෙල්සියස් අංශක -60ත් -90ත් අතර උෂ්ණත්වයක්) ගබඩා කළ යුතුයි. ඒ නිසා අපි මේ එන්නත් නාරහේන්පිට මධ්‍ය රුධිර බැංකුව වෙත ගෙනගියා.

ලංකාව තුළ අධිශීත පහසුකම් තියෙන්නේ රුධිර බැංකුවේ."


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now