ශීත සෘතුවේ මත්තලට එන පළමු ගුවන් යානය අද
ශීත සෘතුවේ මෝල්ඩෝවා රාජ්‍යයෙන් සංචාරකයින් රැගත් පළමු ගුවන් යානය අද මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපළ වෙත ළඟාවීමට නියමිත බව සඳහන් වේ.
රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපතිවරයෙකු වන උදයංග වීරතුංග පවසන පරිදි , විෂන් එයාර් ගුවන් සේවය මඟින් මෝල්ඩෝවායෙන් ශ්‍රී ලංකාව වෙත සෘජු ගුවන්වාර 9ක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත.
එම ගුවන්වාර හරහා සංචාරකයින් 1,500කට ආසන්න පිරිසක් මෙරටට රැගෙන ඒමට අපේක්ෂා කරන බවද ඔහු සඳහන් කළේය.
එසේම, මෝල්ඩෝවා රාජ්‍යයට ආසන්නයේ පිහිටි යුක්‍රේනයේ ගුවන්තොටුපළවල් මේ වනවිට වසා දමා ඇති බැවින්, අද පැමිණෙන ගුවන් යානයෙන් යුක්‍රේන ජාතික සංචාරකයින් විශාල සංඛ්‍යාවක් ශ්‍රී ලංකාවට පැමිණෙනු ඇති බවද ඔහු වැඩිදුරටත් පැවසීය.