ගංවතුරෙන් විපතට පත් ධීවර ක්ෂේත්රයට ඕස්ට්‍රේලියාවෙන් සහය දෙයි
ජල ගැල්මෙන් විපතට පත් ධීවරයන් සඳහා සහාය දීම සදහා ඕස්ට්‍රේලියාව පියවර ගෙන තිබේ.
එමෙන්ම ඕස්ට්‍රේලියාව ලබාදුන් යාත්‍රා නිරීක්ෂණ පද්ධතිය පිළිබඳව ද එරට රජයේ විශේෂ අවදානය යොමුවුණා. ශ්‍රී ලංකාවේ
ඕස්ට්‍රේලියා මහ කොමසාරිස් මැතිව් ඩක්වත් මහතා හා අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා හමුවී විශේෂ සාකච්ඡාවක් සිදු කර ඇත.
මෙහිදී දිට්වා සුළි කුණාටුව හේතුවෙන් මෙරට ධීවර කර්මාන්තයට සිදුවූ හානිය පිළිබඳ අමාත්‍යවරයා දීර්ඝ ලෙස කරුණු පැහැදිලි කර තිබේ.
තවද මෙම අවස්තාවේදී උතුරු සහ නැගෙනහිර පළාත්වල සුළු පරිමාණ ධීවර ප්‍රජාවට සිදුවු බලපෑම මෙන්ම විනාශයන් පිළිබඳවද මහ කොමසාරිස්වරයා දැනුවත් කිරීමට කටයුතු කළේය.
ඒ වගේම මහ කොමසාරිස්වරයා ප්‍රකාශ කළේ මේ ආකාරයෙන් ආපදා හේතුවෙන් බලපෑමට ලක්වූ මෙරට ධීවර ප්‍රජාව පිළිබඳ ඕස්ට්‍රේලියා රජය සොයා බලමින් සිටින බවයි .
මෙහිදී ඕස්ට්‍රේලියානු රජය පරිත්‍යාග කළ යාත්‍රා නිරීක්ෂණ පද්ධතියේ තිරසර පැවැත්ම පිළිබඳව ද සාකච්ජාවට බදුන් විය.