ආනයනය කළ පළමු ලුණු තොගය බදාදා දිවයිනට

Report

වෙළඳ අමාත්‍ය වසන්ත සමරසිංහ පවසන පරිදි, ආනයනය කරන ලද ලුණු තොගයේ පළමු කොටස ලබන බදාදා දිවයිනට පැමිණෙනවා.

මැයි මාසයේදී ද බලාපොරොත්තු වූ ලුණු අස්වැන්න නොලැබිම හේතුවෙන් මෙලෙස ලුණු ආනයනයට සිදුව ඇති බවයි අද (19) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ.

තෙල් සංස්ථාවේ 'iPhone' බිල් පිටවුණා වගේ රහස් එළියට යන නිසා සංස්ථාව ඩිජිටල් කරනවලු..

තෙල් සංස්ථාවේ 'iPhone' බිල් පිටවුණා වගේ රහස් එළියට යන නිසා සංස්ථාව ඩිජිටල් කරනවලු..

කර්මාන්ත අංශය සඳහා මෙට්‍රික් ටොන් 30,000 ක ලුණු තොගයක් ආනයනය කර ඇති අතර, එම තොගය හෙට (20) දිවයිනට පැමිණෙන බවත්, එම තොගය ද ‍ප්‍රමාණවත් නොවන තත්ත්වයක් මතුව ඇති බවත් ඔහු ප්‍රකාශ කළා.

ජුනි 10 වැනිදා දක්වා ලුණු ආනයනයට අවස්ථාව හිමිවන බවත්, එම කාලය තුළ ලුණු මෙට්‍රික් ටොන් 40,000 - 50,000 අතර ප්‍රමාණයක් ගෙන ඒමට අපේක්ෂා කරන බවයි වෙළඳ අමාත්‍ය වසන්ත සමරසිංහ වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

UNP - SJB එකතු වෙන්න එකඟතාවයට එළඹෙයි

UNP - SJB එකතු වෙන්න එකඟතාවයට එළඹෙයි