පල්ලෙකැලේ අභයභූමියේ විශාල ගින්නක්, අක්කර සිය ගණනක් විනාශයි

Report

කහල්ල, පල්ලෙකැලේ අභයභූමිය තුළ අද (01) දින අලුයම ගින්නක් හටගෙන ඇත.

ඒ අනුව වාර්තා වූයේ හේරත්ගම වන සත්ත්ව අඩවියට අයත් බඹරගලයාය ප්‍රදේශයේ දී මෙම ගින්න හටගත් බවයි.

කෙහෙල්බද්දර පද්මේගේ කටින් ඉෂාරා සෙව්වුන්දි ගැන පැන්න අලුත්ම විස්තරේ

කෙහෙල්බද්දර පද්මේගේ කටින් ඉෂාරා සෙව්වුන්දි ගැන පැන්න අලුත්ම විස්තරේ

එසේම ගින්න සම්බන්ධයෙන් සියලු පාර්ශව දැනුවත් කර ඇති බවත් ඔවුන් එහි ළඟාවන තුරු හේරත්ගම වන සත්ත්ව අඩවි ආරක්ෂක කාර්යාලයේ නිලධාරීන් හැකි උපරිමයෙන්ම ගින්න පාලනය කිරීමට කටයුතු කළ බවත් සඳහන්.

මෙම ගින්න නිසා කහල්ල පල්ලේකැලේ අභ්‍ය භූමියට අයත් අක්කර සිය ගණනක් විනාශව ඇති බවද සඳහන්.

වනජීවි නිලධාරීන් ප්‍රකාශ කළේ නියං සමයේ වන සතුන් දඩයම් කිරිමේ අරමුණීන් කිසියම් පිරිසක් මෙම ගිනී තැබිම සංවිධානාත්මකව සිදු කර ඇති ක්‍රියාවක් බවට සැකකරන බවයි.

ඒ අනුව මේ සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන බවද හේරත්ගම වනජීවී කාර්යාලයේ ප්‍රකාශකයකු සඳහන් කර ඇත.

ඉන්ධන මිල පහලට - නව මිල මෙන්න

ඉන්ධන මිල පහලට - නව මිල මෙන්න

මේ ලග්න හිමියන් අද අනිවාර්යෙන් පරිස්සම් වන්න - වෙන්න යනදේ මෙන්න

මේ ලග්න හිමියන් අද අනිවාර්යෙන් පරිස්සම් වන්න - වෙන්න යනදේ මෙන්න