ආපන ශාලාවක හදිසියේම ගින්නක් නිසා සිදූ වූ දේ..
Srilanka
covid 19
By Sithumi
මහනුවර, පේරාදෙණිය මාර්ගයේ කටුකැලේ ප්‍රදේශයේ ආපනශාලාවක ඇතිවූ ගින්නකින් ආපන ශාලාවට විශාල වශයෙන් අලාභ හානි සිදුව තිබේ.
අප වාර්තාකරු පැවසුවේ අද (17) පස්වරුවේ ගින්න හටගෙන ඇති බවය. ආපනශාලාව තුළ තිබූ ගෑස් සිලින්ඩරයක සිදුවූ කාන්දුවීමක් හේතුවෙන් ගින්න ඇතිවූ බවට සැක කෙරේ.
නගර සභා ගිනි නිවන ඒකකය පැමිණ ගින්න මැඩ පවත්වා ඇති අතර, අදාළ ගෑස් සිලින්ඩරයෙන් ගෑස් පිටතට කාන්දු වන ආකාරය දැකිය ගත හැකි වූ බව අප වාර්තාකරු පැවසීය. ගින්න හේතුවෙන් තුවාල ලද එක් පුද්ගලයෙකු මහනුවර ජාතික රෝහලට ඇතුළත් කොට ඇති අතර මහනුවර මූලස්ථාන පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... |