ඇවිලී ගිය ඇල්ල නිවන්න ගුවන් හමුදාවත් හෙලිකොප්ටර් රැගෙන එයි. (VIDEO)
Sri Lanka Army
Fire
Wildfire
By krishani
කිසියම් පුද්ගලයෙක්ගේ ගිනි තැබීමක් හේතුවෙන් අද (23) උදෑසන වනවිටත් ඇල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් දෙමෝදර ආරුක්කු නවය පාලම ආසන්නයේ මධුරගම කොටසේ ෆයිනස් වගා රක්ෂිතයේ විශාල කොටසක් ගිනි ගනිමින් පැවතියේ ය.
එම පැවති ගින්න, බදුල්ල එළදළුව යුද හමුදා කඳවුරේ නිලධාරින්ගේ මැදිහත්වීමෙන් පාලනය කර ඇත.
එමෙන්ම ගින්න පාලනයට යුද හමුදා නිලධාරීන්, පොලීසිය, ආපදා කළමනාකරණ ඒකකය හා ප්‍රාදේශීය ලේකම් කාර්යාල නිලධාරීන් එක් විය.
එම ගින්න මැඩපැවැත්වීම සඳහා ගුවන් හමුදා හෙලිකොප්ටර් යානා යොදාගෙන ඇති අතර ප්‍රදේශයේ පවතින වියළි ස්වභාවය සහ අධික සුළං තත්ත්වය හේතුවෙන් එම කටයුතු අපහසු වී තිබෙනවා.
ගින්නෙන් රක්ෂිතයේ අක්කර 200කට අධික ප්‍රමාණයක් මේ වනවිටත් විනාශ වී ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් ඇල්ල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
විඩියෝ දර්ශන - අද දෙරණ
